IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


උ.පෙළ කල් දැම්මොත් පාසල් 10,000ක් වහන්න වෙනවා

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අපොස උසස් පෙළ විභාගය පැවත්වීමේ දින තවත් මාස දෙකකින් කල් දැමුහොත් ඒ වෙනුවෙන් පෙබරවාරි මාසයේදී පාසල් දස දහසක් වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය.

එපමණක් නොව පාසල් කාල සටහන් මෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයද ඒ අනුව කල් දැමීමට සිදුවන බව ඇමැතිවරයා කීවේය.

උසස් පෙළට දෙවැනි හා තෙවැනි වරට පෙනී සිටින දරුවන්ට මෙවර 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවට අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විභාගය පැවැත්වීමට දින 28ක වැනි කාලයක් යන බවත් එපමණ කාලයක් පාසල් වසා දැමීමට සිදුවුණහොත් එය සමස්ත අධ්‍යාපනයටම ගැටලුවක් විය හැකි බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.

මන්ත්‍රීවරුන්ගේ හා දරුවන්ගේ එම ඉල්ලීම තමන් විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් කිසිඳු දරුවකුට අසාධාරණයක් නොවන අයුරින් ක්‍රියා මාර්ග ගත යුතු හෙයින් ඒ පිළිබඳ අවසන් තීන්දුව විභාග දෙපාර්තුමේන්තුව ගනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගයට (2022) පළමු වතාවට පෙනී සිටින දරුවන්ට විභාගය පවත්වන දිනයන් අසාධාරණයක් නොවන බව පැවැසූ ඒ මහතා මීට පෙරද දෙවැනි හා තෙවැනි වර පෙනී සිටී දරුවන්ට හිමිවූයේ මෙවැනි කාල පරාසයක් බව පැවසීය.



අදහස් (6)

උ.පෙළ කල් දැම්මොත් පාසල් 10,000ක් වහන්න වෙනවා

Lalith M Monday, 03 October 2022 08:52 PM

නියමිත කාලයේ විභාග පැවැත්වීම අනිවාර්යයෙන්ම කල යුතුයි. මේක සමාජ ආර්ථික ප්‍රශ්නයක්. ලමයි නිකම්ම නාකි වෙනව.අපේ රටට විතරක් සීමාවූ ප්‍රශ්නයක්.

:       0       0

sugath Monday, 03 October 2022 09:35 PM

දෙසැම්බර් නිවාඩුව පෙබරවාරියේ දීම කල නොහැකිද?

:       0       0

කිරි පුතා Monday, 03 October 2022 11:44 PM

දෙවන තෙවන වරට පෙනී සිටින දරුවන් සූදානම් වෙන්න ඕන කලින් විභාගය ඉවරවුණු ගමන්ම.තමන්ගේ ප්‍රතිපල ගැන තමන් ට අනුමාන කරන්න පුලුවන් නෙ. විභාග කල් දාලා ඒ සඳහා හොඳින් සූදානම් වන පළමු වතාවට පෙනී සිටින දරුවන්ට විභාගය එපා කරවන්න හොඳ නෑ.

:       0       0

Prase Tuesday, 04 October 2022 12:55 AM

ඒක හොඳයි ,ගුරුවරු ගෙදර යවලා ,එම දරුවන්ට ලබා දෙන්න ප්‍රයිවට් ස්කූල් වලට ගිහින් ඉගෙනගන්න .ගුරුවරු හිටියත් වැඩක් නෑ ළමයි ඉගනගන්න ප්‍රයිවට් ටියුෂන් ගිහිල්ලා

:       0       0

Perera Tuesday, 04 October 2022 05:48 AM

පාසල් වහන තරමට මජර දේශපාලුවන්ගේ පැවැත්මට හොඳයි.

:       0       0

මහජනයා Tuesday, 04 October 2022 09:04 AM

මෙම ඉල්ලීම ම විශාල අවුලක් තියෙනවා. විෂය කරුණු ආවරණය සඳහා කාලය මදි වන්නේ පළමු වර පෙනී සිටින දරුවන්ට මිස දෙවන, තෙවන වර පෙනීසිටින විෂය කරුණු දැනටමත් ආවරණය වී ඇති දරුවන්ට නොවේ. පළමු, දෙවන, තෙවන දරුවන් එකම කඩඉමකින් විශ්වවිද්‍යාල සඳහා ඇතුලත් කරගැනීම ම පළමු වර පෙනීසිටින දරුවන්ට කරන අසාධාරණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 53 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site