(සුජිත් හේවාජුලිගේ )
රට අවදානම් තත්වයෙන් තවමත් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
තවමත් රට පවතින්නේ රතු කලාපයේ බවද ඇය කීවාය.
රටෙන් දිනකට කොවිඩ් ආසාදිතයන් දෙදහසක් පමණ හමුවන තත්වයක් පවතින හෙයින් සමාජයේ ආසාදිතයන් 6000 කට වඩා සිටින බව අනුමාන කළ හැකි යැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
ඩෙල්ටා රට පුරාම පැතිරී ගොස් ඇති හෙයින් කොවිඩ් අවදානම අඩුවී ඇතැයි පැවසිය නොහැකි බව පැවසූ ගුණරත්න මහත්මිය තවත් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට සියලු දෙනා පියවර ගත යුතු බවද කීවාය.
COMMENTS
ඔබ තුමිය ඕනාවට වඩා කරුනු කියනවා යැයි පවසා තවමත් බලපෑම් ආපු නැති එකයි පුදුමේ.ඔබ තුමිය පවසන්නේ විශේෂඥ මතය.නමුත් ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන මතය.පුරවැසියන් ලෙස අපිත් කැමති මේ වසංගතය නිමා වෙලා අපේ පුරුදු ජීවන රටාවට ඇවිල්ලා ජීවත්වෙන්න.තවමත් දවසට 150 ආසන්න ජීවිත අහිම් වෙනවා.2000ට වඩා අසාදිතයෝ හමු වෙනවා.විහිලු නීතී ගෙනහල්ලා මිනිස්සු ඒ විහිලූ නීතී බිදිනවා.
ඔන්න ඔය මහසේන්ව අවුරුදු 5ක් ගෙදර තියන්න. එයා කැමති මැරෙනකන්ම ගෙදර ඉන්න මන් හිතන්නේ
රට අවදානම් කිව්වාම තවත් කඩා වැටෙනවා. අවදානම් කිව්වට ඔය හැමෝම හොඳට ඉන්නේ... කරුණාකරලා රට ගිනිතියන්න එපා. කොරෝනා බොරුවෙන් රටට අහිමිවුණ මුදල් ප්‍රමාණය කීයද කියලා හොයාබලන ගමන් මොන රටටද එම මුදල් ගියේ කියලා කියන්න. එතකොට බලාගන්න පුළුවන් කවුද මේ කොරෝනා බොරුව කළමනාකරණය කරන්නේ කියලා..