
ශ්රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සැප්තැම්බර් 15 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කර ඇත.
හෙතෙම ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් වාණිජපති උපාධිය ලබාගෙන ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන ඇත.
හෙතෙම එක්සත් රාජධානියේ වරලත් කළමනාකාර ගණකාධීකාරීවරුන්ගේ සංගමයේ (CIMA) හී ආදී විද්‍යාර්ථියකු වන අතර ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙකි.
මීට පෙර එම තනතුර හෙබවූයේ ශ්‍රී ලංකා මහ බැංකුව, සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය යි. ඇය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට එම තනතුර හෙබවූවා ය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස මාස 34ක කාලයක් ද මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක් තනතුරු හොබවා ඇත.
ශ්‍රී ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරී, වගකීම් යනාදිය කළමනාකාරීත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ, හා අවශ්‍යතාවලට අනුව කලින් කලට වෙනස්වන බවත් එම බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
නිලධාරීන් කලින් කලට මාරු කිරීමත් වෙනත් රාජකාරී පැවැරීමත් මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලනය පවත්වා ගැනීමටත් නිසියාකාරව පවත්වාගෙන යෑමටත් අත්‍යවශ්‍ය අංග බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.
2025 නොවැම්බර් මස 21
4
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජේ.පී.ආර්. කරුණාරත්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කරයි
Perera Wednesday, 22 September 2021 12:11 AM
තමන්ට ඕන විදිහට වැඩ කරන්න තමන්ට ඕන මිනිස්සුන්ව එපැය දාගන්න
ලුම්බිණි Wednesday, 22 September 2021 06:15 AM
කබ්රාල් උන්නැහේ වැඩ පටන් අරගෙන එහෙනම්.
Porolis Appuhamy - Kaduwela Wednesday, 22 September 2021 08:45 AM
ඔබතුමාගේ සුදුසුකම් ඉහිලින්ම අගයනවා. හිත රිදවීම් ගණන් ගන්නේ නැ නේද? කලකිරිලා දාලා යන්නේ නැහැ නේද?