IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උණ සුව වෙලත් තාම කැස්සද?

කලින් කලට උණ වයිරස තත්ත්ව හිස ඔසවනු දැකිය හැකිය. ඩෙංගුත් නොවන කොවිඩ්-19 නොවන උණ වයිරස නිසා ළමා, තරුණ,  වැඩිහිටි සියල්ලෝම පොදුවේ ගොදුරු වෙති. උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගී තත්ත්වයක් නොවෙයි.

ඉතින් මේ අප දකින උණ තත්වයන්ට හේතු වූ රෝගය කුමක් විය හැකි ද? උණ තිබේ නම් කළ යුත්තේ කුමක් ද? නොකළ යුතු දෑ මොනවා ද? යන්න ඔබව දැනුම්වත් කිරීම අද ලිපියේ අරමුණයි.

මේ දිනවල පැතිරයන උණ තත්ත්වයට හේතු වී ඇත්තේ , ශ්වසන වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ අලුත් ප්‍රෙභ්දයක් යැයි වෛද්‍ය විශේෂඥයින් මත පළ කොට තිබේ. කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි ලක්ෂණ සමඟ උණ ගැනීමද සිදු වේ. කෙසේ නමුත් මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ්-19 ඇතුළු තවත් ශ්වසන වෛරස අප අවට පරිසරයේ පවතින බවද සැබැවි.

රට තුළ ඩෙංගු රෝගීන්ද සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන වකවානුවක අප දකින ඇතැම් උණ තත්ත්ව ඩෙංගු රෝගය වීමට වුවද පුළුවන. මී උණ වැනි අප රටේ පැතිර පවත්නා තවත් බෝවෙන රෝගවලටත්  උණ හට ගැනීම පොදු ලක්ෂණයකි.       

මෙවැනි හේතු ගණනාවක් නිසා උණ ඇතිවිය හැකි වුවත් අපට සාමාන්‍ය දැනුම මත පිහිටා කටයුතු කළ නොහැකි අතර නිවැරැදි රෝග විනිශ්චය අත්‍යවශ්‍යම වේ.

එබැවින් නිසි වෛද්‍ය උපදෙස් අනුව සංකූලතා අවම කරගෙන ඉක්මනින්ම සුවපත්වීම ඉතා වැදගත්ය.

ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම්  හොඳින් දියර ජාති ලබා දිය යුතුය. විවේකීව සිටීමද අනෙකුත්  වැදගත් කාරණයයි. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන ජාති උණ වයිරස රෝගීන් සඳහා සුදුසු ය. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන,විජලනයෙන් වලකන  සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පානයට දීමද ඉතා උචිතය. පාන ජාති සේම උණ රෝගියාගේ ආහාර ගැන සැලකිලිමත් වීමද ඉතා වටී. ඒ අනුව පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්.

උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාව අනුව නියමිත කාලයට ලබා ගැනීමත් මතක තබා ගත යුතුය. කිසිදු හේතුවක් නිසා පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක ඖෂධ ලබාගැනීම නොකළ යුතුයි. ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුත්තේද වෛද්‍යවරයකු නිර්දේශ කළ හොත් පමණි. තවද  ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධද වෛද්‍ය නිර්දේශයට පටහැනිව තම අභිමතය පරිදි ගැනීමද ඉතාම අනතුරුදායක වේ.

ඔබ වයස්ගත පුද්ගලයෙකු , ගැබිණි මවක හෝ වෙනත් නිධන්ගත රෝගයකින් පෙළෙන සංකූලතා ඇති  අයකු නම් උණ ඇති වූ පළමු දිනයේදීම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම වැදගත්ය. එසේ නොමැති නිරෝගී අයකු වුවත් දින දෙකකට වඩා උණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමුවී රෝගී තත්ත්වය පරීක්ෂා කර ගැනීම වැදගත්ය.

ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට උණ සුව වුවද  කැස් ගතිය කල් අල්ලා පවතින බවද වාර් තා වී ඇත. 

මෙවන් සංකූලතාවලදී වෛද්‍යඋපදෙස් මත ලබාගන්නා ඉන්හේලර් (Inhaler) හෝ වෙනත් ඖෂධ කෙටි කාලයක් යනතුරු අඛණ්ඩව ලබා ගැනීම අවශ්‍ය වේ.

වෛරස මගින් බෝවන ශ්වසන රෝග වළක්වාගැනීමට  ඔබ දැනටමත් දන්නා සෞඛ්‍ යපුරුදු තවදුරටත් පවත්වා ගැනීම කළ යුතුවේ.

 ඒ අනුව නිතර දෑත් පිරිසුදු කරගැනීම, මුහුණු ආවරණ පැළඳීම, හැකි හැමවිටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, කහින කිවිසින විට වැළමිටේ ඇතුල්පැත්තට  හෝ ටිෂූ කඩදාසියකට එය පිටකිරීම වැනි ක්‍රම භාවිත කළ හැකිය. 

ඩෙංගු ආසාදන වලක්වා ගැනීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ මදුරු දශ්ඨනයෙන් වැළකීම ඉතා වැදගත්ය. මී උණෙන් වැළකීමේ වැදගත් පියවරක් ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයෙන් (MOH) ලබාදෙන ඖෂධ ලැබෙන උපදෙස් පරිදි කෘෂිකාර්කමික  කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුළ ලබා ගත යුතුය.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

උණ සුව වෙලත් තාම කැස්සද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31260 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13442 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site