IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලිසියෙන් වෙඩි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කිලිනොච්චිය පොලිස් වසමේ අරයවිල් නගර් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ජීප් රථයකට කිලිනොච්චි පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වෙඩි තබා ඇතැයිද, මේ හේතුවෙන් පුද්ගලයකු වෙඩි වැදී තුවාල ලබා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
තුවාල ලබා ඇත්තේ සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයකු බව පොලිසිය කියයි.
 
ජීප් රථයකින් විශාල ගංජා තොගයක් රැගෙන යන බවට ලද තොරතුරකට අනුව සැකසහිත ජීප් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේදී එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
 
එම ජීප් රථයේ සිට ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් බව පසුව අනාවරණය වූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටී.

(වීඩියෝ - රොමේෂ් මධුෂංක)



අදහස් (18)

අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලිසියෙන් වෙඩි

සේන Monday, 14 October 2019 05:22 AM

කවුරු හිටියත් පොලිසියට අවනත වෙන්න එපැයි. ඒකනෙ නීතිය

:       0       246

ලුම්බිණි Monday, 14 October 2019 05:24 AM

දැන්වත් මේ නොනවත්වා යන වාහන වලට වෙඩි තියන එක නවතන්න. නොනවත්වා යන වාහන අල්ලන්න වෙනත් ක්‍රමයක් යොදන්න. පාසලේ අසනීප වෙලා ඉන්න දරුවා බලන්න එන පියාටත් වෙඩි තියනවා, පොලිසිය නොදැක යන මිනිහටත් වෙඩි තියනවා මොකද මේ?

:       1160       204

Sudubanda Monday, 14 October 2019 05:57 AM

නොනවත්වා යන වාහන අල්ලන්න වෙන ක්‍රමයක් තියෙන්නෙවා නම් යෝජනා කරන්න. වාහනයක් පැදවීමේදී මාර්ග සලකුණු වගේම වටපිටාව ගැනත් විමසිල්ලෙන් යන්න ඕන . පොලිසියෙන් අනකරාම අනිවාර්යයෙන්ම නතර කල යුතුයි. රටේ ආරක්ෂාවට නීතියට අවනත විය යුතුය .

:       27       388

මුණසිංහMonday, 14 October 2019 08:15 AM

රටක නීතියට අවනතව හැසිරෙන අයට කරදරයක් නැහැ. මෙතන ගත් පියවර නිවැරදියි. ලුම්බිණිටත් එ් නීතිය එලෙසමයි.

:       1       100

uddikaMonday, 14 October 2019 08:35 AM

නොන්නවත්වා යන වාහනයට වෙඩි තියෙන්නේ නැතුව උඩ බලන් ඉන්නද කියන්නේ? මේ වගේ උන්දලා තමා එල්ලුම් ගහටත් මැරෙන්න හදන්නේ පිස්සෝ වගේ.

:       0       75

සේනක Monday, 14 October 2019 09:14 AM

මෙයාත් මට පේන විදිහට අපරාධ කල්ලියක සාමාජිකයෙක් වෙන්න ඇති....

:       0       81

BamunuarachchiMonday, 14 October 2019 09:56 AM

රටේ නීතිය අණ දුන්නම නවත්වන්න නම් කවුරු හිටියත් කමක් නැහැ නවත්වන්න. නීති හදලා තිබෙන්නේ හේතු ඇතිවයි. පොලීසිය පස්සෙන් ගිහිල්ලා අල්ලනකොට කුඩු, කඩු, ආයුධ බාගෙන වාහනේ හෝදලත් තියෙයි. පස්සේ කියයි රටේ ආරක්ෂාව බල්ලට ගිහිල්ලා කියලා. නැවැත්තුවේ නැතිනම් ඔලුව කුඩුවෙන්න වෙඩි තියන්න. උතුරේ අවි ගබඩාවක්ම අසුවෙලා තිබෙනවා තවත් කියනවා පස්සෙන් ගිහිල්ලා ඔලුව අතගාන්නලු.

:       0       67

rUCHIRA Monday, 14 October 2019 06:38 AM

මටනම් හිතෙන විදියට ගංජා වගා කරුවන් සුරාබදු එකෙන් එන බව දැනගෙන දීපු ගේමක් වගයි. අල්ලන්න කලින් ඔත්තුව ගිහින් කෙටියෙන් කියනවනම් .

:       1       86

Buddhika Monday, 14 October 2019 06:49 AM

ඔතන මොනවා හරි පැටලිලා තියෙනවා ...වාහනය නවත්තන්න කියලා නොනැවතී ධාවනය කළේ මොකද ?

:       0       193

සේනක Monday, 14 October 2019 09:16 AM

අපරාධකාරයෙක් වෙන්න ඇති. වාහන රියැදුරෙක් කියන්නේ අන්ධ මනුස්සයෙක් නෙමෙයිනේ නේද..?

:       0       43

latha Monday, 14 October 2019 08:17 AM

ඉන්තේරුවෙන්ම ඕකේ වෙන්න ඇති ගංජා ගෙනියන්නේ. ඒකනේ නවත්තල නැත්තේ.

:       0       29

සිසිල් සුදේශ් Monday, 14 October 2019 08:52 AM

පොලිසියෙ සංඥා සමහර වෙලාවට පැහැදිලි නෑ. හොඳට පෙනෙන තැනක නෙවෙයි ඉන්නේ. අඳුරු තැන්වල ඉඳන් සංඥා කරන්නේ. වඩාත්ම භයානක කළුවරේ ඉන්න කොට අත් පෙනෙන්නේ නැහැ, නවතින්න කියනවද කියල දන්නේ නෑ. සුදු අත්වැසුම් අනිවාර්ය කළ යුතුයි...

:       0       80

සේනක Monday, 14 October 2019 09:17 AM

එහෙනම් මෙයා තමයි ඒ වාහනයේ රියදුරා...

:       63       6

upali Monday, 14 October 2019 08:57 AM

ඊළඟ දවසේ ගහන්න ඕනේ ආර්.පී.ජී. එකකින්... සුන්නත් දූලිවෙලා යන්න. ඇමෙරිකාවේ වගේ මෙහේ ඒවා නැහැ..

:       0       41

සේනක Monday, 14 October 2019 09:20 AM

අනිවාර්යයෙන්ම, එහෙම එක්කෙනෙකුට, දෙන්නෙකුට කෙරුවා නම් අනිත් අය අකුරටම නීතිය පිළිපදිනවා...

:       0       41

de silva Tuesday, 15 October 2019 06:48 AM

අනිවාර්යයෙන්ම මේකේ ලොකු වටිනාකමකින් යුතු මත්කුඩු ප්‍රවාහනය කරන්න ඇති , නැතිනම් සුරාබදු නිලධාරීන් පොලිසියට බියේ පලායන්න හේතුවක් නැත , සාමාන්‍යයෙන් සුරාබදු නිලධාරීන්ට මෙවැනි සුකොපභෝගී නිල රථ නැත . පස්සේ වැඩේ අවුල් වුනහම පොලිසියත් එක්ක ඩිල් එකක දමල වැඩේ යට ගහන්න ඇති. රටේ සිදු කෙරෙන මත් කුඩු ගනු දෙනු වලින් 40% සිදු වන්නේ පොලිසියේ , සුරාබදු නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව.

:       0       53

de silva berlin Wednesday, 16 October 2019 08:19 AM

අනිවාර්යෙන්ම මෙම සුකොපභෝගී රථයේ හිමිකරු හෝ ඔහුගේ සමීප නෑයකු රටේ ප්‍රසිද්ධ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යපාරිකයකුට හෝ සුරාබදු දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇති , හොඳට හොයල බලන්න .

:       0       2

Kalani withanage Saturday, 21 December 2019 02:18 PM

නීතිය කාටත් පොදුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 819 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 941 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 384 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site