(ප්‍රසංග පෙරේරා සහ රුක්මන් පින්තු)
වසර විසි එකක් අතුරුදහන්ව සිට පසුව මුහුණු පොතේ පළ වු ජායාරූපයක් ඔස්සේ පවුලේ සමාජිකයනට මුණගැසුණු තම පියා දින දෙකකට පසු මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.
බාරකරුවකු නොමැතිව කාදාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී එහි හෙදියක මුහුණු පොතේ පළ කල ජායාරූපයක් ඔස්සේ කේ.ජි. පියසේන නැමති එම පුද්ගලයා ඉකුත් 19 දා ඔහුගේ බිරිඳ සහ දරුවන් හඳුනා ගත්හ.
එම පවුලේ සාමාජිකයන් පියසේන නැමැත්තා රැගෙන ගොස් මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.
එසේ සිටියදී ඉකුත් 21දා එම පුද්ගලයාව මාතලේ රෝහලේ සිට රත්තොට රෝහලවෙත මාරු කර එවීමෙන් පසු එදිනම ඔහු ජීවිතක්ෂයට පත් වු බව ඔහුගේ පවුලේ සමාජකයකු පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.