(ඉන්දිකා රාමනායක)
ගිණුම් පහක් පවත්වාගෙන යමින් වසර හතරක් තුළ එම ගිණුම් හරහා ලක්ෂ 600 ක මුදලක් සංසරණය කළ කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම ගිණුම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගිණුම් බවට තොරතුරු හෙළිව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය 41 හැවිරිදි කාන්තාවක් බවත් මුදල් විශුද්ධිකරණය පනත යටතේ අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ලෝලීන් මෙම කාන්තාවගේ ගිණුමට මුදල් බැර කර ඇති බවට තොරතුරු හෙළිව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.