තරිඳු ජයවර්ධන
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ නාමල් කුමාර නම් පුද්ගලයාගේ ජංගම දුරකතනය වැඩිදුර පරීක්ෂණ සඳහා හෙංකොං බලා රැගෙන ගිය බව පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක් එම ජංගම දුරකතනය රැගෙන හොංකොං බලා පිටත්වූහ.
නාමල් කුමාර නම් පුද්ගලයා ලබා දුන් ජංගම දුරකතනයේ ඇතැම් හඬ පට ඔහු විසින් මකා දමනු ලැබූ බව මීට පෙර ඔහු රහස් පොලිසියට කියා තිබිණි. එම නිසා පරීක්ෂණ වලට එම හඬ පට ලබා ගැනීමේ අරමුණින් ඒවා යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට දුරකතනය රැගෙන ගිය බව පොලිසිය කියයි.
COMMENTS
බොහොම හොඳයි, ඝාතන තැත බොරුවක් වුනොත් තමා ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. එ් මේ රටට කළ විනාශයට මේ ප්‍රශ්නවැලට හේතුව මෙයා... එහෙම කවුරු වුණත් ඔවුන්වද එල්ලා මැරිය යුතුමයි ප්‍රසිද්ධියේ...
මේ මොන මල විකාරයක්ද...?
මට හිතාගන්න බැරි ඇයි මේ වගේ මිනිහෙක් අල්ලගෙන දඟලන්නේ කියලා?
ජනාධිපතිතුමා එක්ක කතා කරපුවද දන්නේ නෑ...
මෙයා බොරු කියා තිබුනොත් ප්‍රසිද්ධියේ එල්ලා මරිය යුතුයි...
මොහු ඔත්තුකරුවෙක් බව ප්‍රථමයෙන්ම අප සැම නිතර සිහිතබාගතයුතු දෙයක්... මොහු මකා දැමු කොටස් තිබුණහොත් ඒවා තමාට හා තමා මෙහෙයවන්නාට හානිකරවන නිසා මකා දැමුවා විය හැකියි. හඬ පටවලට සවන් දුන් තවත් දෙනා ප්‍රසිද්ධියේ පැවසුවේ එහි ජනපති හෝ ඝෝඨාභය ඝාතනය කිරීමක් ගැන සඳහන් නොවන බවයි. සත්‍ය එසේනම්, ජනපති කියවූ ඝාතන උත්සාහය මුසාවක් නොවේද? මහින්ද අගමැති කිරීමත්, පොලිස් ඔත්තුකරුවාට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට දීමේත් කිසියම් සැකයක් පෙනෙනවා නේද? මෙය මේ රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයේ එක අවස්ථාවක් විය නොහැකිද?
මේ කව්ද? අපේ බදුමුදල් කාබාසිනියා නොකර ඇතුළට දාන්න.
මොකද්ද මේ විකාරේ? මේ ප්‍රධාන සැකකරු හනික අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන්න...
මුළු රටම විනාශ කරගෙන නාමල් පුද්ගලික තරහ පිරිමහනවා. ඉක්මනටම මෙයාව කුඩුවට දාන්න.
අධිකරණය ස්වාධීන වී ඇතිනිසා වැරදිකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. අපගේ බදු මුදලින් මේ සදහා මුදල් වියදම් කරන නිසා මෙහි සියලු තොරතුරු මහජනතාවට දැනගැනීමට අයිතියක් ඇත.
පුහු ප්‍රසිද්ධියට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල ගල්පැලෙන බොරු කියන කේස් එකක් අල්ලගෙන පොලිසියත් මොන නාඩගමක් නටනවද මන්දා...?
බොරුකියලා තිබ්බොත් ගෝල්පේස් ගෙනැල්ලා ගල්ගහන්න ඕනෑ..
මොහු මේ රඟන නාටකයේ අධ්‍යක්ෂ, නිෂ්පාදක, රචනය සහ සංස්කරණය සොයාගත හැකියි. මට හිතෙන්නේ නම් ඇතුලේ ඉන්න පොලිස් ලොක්කා සහ මොහු මෙහි නළුවන් පමණි.
මොහු මේ රඟන නාටකයේ අධ්‍යක්ෂක, නිෂ්පාදක, රචනය සහ සංස්කරණය සොයාගත හැකියි. මට හිතෙන්නේ නම් ඇතුලේ ඉන්න පොලිස් ලොක්කා සහ මොහු වැනි නළුවන් පමණයි.
මේ කරන්නේ ප්‍රෝඩාවක් මෙය පිටරටකට අරන් ගිහින් අමතර දෙබස් ඇතුලත් කරලා පලිගන්න ඕනේ පුද්ගලයන්ගෙන් පළිගන්නයි මේ ක්‍රියාකරන්නේ. මේ දුරකථනය යවන තැනකට යවන්න පෙර ඇතුලත්ව තිබුණු දෙබස් වාර්තා ටික කොහේ හරි සටහන් කර තිබෙනවාද ?
මරු ට්‍රිප් එක.... ඔය වගේ දේවල්වලදී පැමිණිල්ල පරාද වුණොත් ඒ වියදම් සියල්ල අය කරගත යුතුයි...