(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම වැඩ පිළිවෙල යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු.10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.
දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල කෘෂිකාර්මික කටයුතු සමාලෝචනය කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.
මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලුම දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් සැපයීමට ද ජීවන වියදම් කමිටුව අවධානය යොමු කර තිබේ.
මව්පියන්ගේ රැකියා සහ ආදායම් අහිමිවීම හා ආදායම් අඩුවීම සැළකිල්ලට ගනිමින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩ පිළිවෙළ යෝජනා වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
107
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහන දෙන්න බිලියන 200ක් වෙන් කරයි
මරිසිපාල Friday, 01 July 2022 04:18 PM
පාලකයිනි, අඩු ආදායම් ලාභීන් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න සැලසුම් හදපල්ලා. ඒ සඳහා පාසලේ සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන්ටත් උසස් පෙළ අසමත් වන දරුවන්ටත් පාසල් කාලයෙන් පස්සේ කරන්න කුමක් හෝ ජීවන මාර්ග ඇතිකරපල්ලා. දරුවන්ගේ සාමාන්‍ය දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට සුදුසු පුහුණුවක් දීපල්ලා. එවිට රටේ බොහෝ ප්‍රශ්න විසදාගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අතීසාරයට අමුඩ ගහන්නා වගේ ඔහොම කරලා කිසිම දවසක ගොඩට එන්න බැහැ...
beau Saturday, 02 July 2022 06:33 AM
කොහේද බිලියන 200ක්.. අච්චු ගහන ඒවාද? අපි යන විදිහට කොහොමත් අපිට ට්‍රිලියනයක්වත් අරන් යන්න වෙයි පාන් ගෙඩියක් ගන්න තව මාසෙකින්. කෙරුවාව තමයි ඔය පෙන්නන්නේ.. ඔය ඔක්කොම කපුටන් තමයි.