
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින , ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වෙති.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට ද නියමිතය.

COMMENTS
මගේ බිරිඳ මීට වැඩිය ලස්සනයි, මීට වැඩිය ලස්සන ගැහැණු තව ඉන්නවා...
ලස්සන subjective... එයාට ලස්සන දේ මට ලස්සන නැතිවෙයි. ඒ නිසා ඒ ගැන කතාව වැඩක් නැහැ.
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ!
ඕක ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් Beauty pageant එකක් නෙමෙයි... තාම ලංකාවේ ලෝක රූ රැජින කිරුලක් නෑ...
අයියෝ... මගේ කටට එන දේ කියන්න හොඳ නෑ.
මොකවත් හිතන්න එපා. මට නම් මගේ බිරිඳ ලෝකෙ ඉන්න හොඳම කාන්තාව... අනික් අයටත් එහෙම කියන්න පුළුවන් නම් විවාහ ජීවිතේ කොච්චරක් නම් ලස්සනද? මම මගේ දරුවන්ටත් උපදෙස් දීලා තියෙන්නේ අම්මා වගේ ගෑනු සොයා ගනිල්ල කියලා. හැබැයි මගේ නෝනා මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව නොවෙන්න පුළුවන්. ඒත් එයා තමයි මම දකින ලෝකෙ ඉන්න හොඳම ගැහැණිය...
ලංකාවේ මීට දහස් ගාණකට වඩා ලස්සන හුරුබුහුටි ගැහැණු අය කොච්චර ඉන්නවාද?
ඇය ඉතාම ලස්සන තරුණ බිරිඳක්...
අරගලය කරපු නිළියෝ වගේ... දවසකට ලක්ෂයක් ගන්නවා. ඒක රහසක් නොවේ...
මීට වඩා කොච්චර ලස්සන ගැහැණු ඉන්නවද?