IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලක්ෂ 40 ක කහ සමඟ අයෙක් අත්අඩංගුවට


 
( රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 946 ක් සමඟ සැකකරුවෙකු යුද හමුදාවේ කොමාන්ඩෝ බලකා සෙබලුන් පිරිසක් විසින් අද (29) දින අත්අඩංගුවට ගනු ලැබීය.
 
සිලාවතුර කැලෑබද ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වූ මන්නාරම යුදහමුදාවේ 54 සේනාංකයට අයත් සිලාවතුර කොමාණ්ඩෝ බලකා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් කැලෑවේ සඟවා තිබූ අදාල කහ තොගය සොයාගෙන ඇති අතර එම කහ තොගය වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි සැකකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
 
අදාල කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවටද අනාවරනය වී ඇත.
 සැකකරු සිලාවතුර ප්‍රදේශයේම පදිංචි කරුවෙකු වන අතර කොමාණ්ඩෝ බලකා භාරයට ගත් අදාල කහ කැබලි තොගය හා සැකකරු සිලාවතුර පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

ලක්ෂ 40 ක කහ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site