(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර උදය මාවතේ නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමග මුස්ලිම් ජාතික මාධ්‍යවේදියකු අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යුත් නාලිකාවක සේවය කරන 58 හැවිරිදි මාධ්‍යවේදියෙකි.
මෙම පුද්ගලයා සතු සංයුක්ත තැටි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මොහු හෙට (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදියෙක් ළඟ සීඩී තියන එක පුදුමයක්ද.? ඒක නීතිවිරෝධී වෙන්නේ කොහොමද?
සෑම අයකුම ත්‍රස්තයකුද නොවේ... නමුත් නිවැරදි පරීක්ෂණයකින් නිවැරදි දේ සනාථ විය යුතුයි. මේ මොහොතේ මුස්ලිම් කියපුවාම බලන ක්‍රම වේදයේත් යම්යම් දේවල් තිබෙන නිසා... අපි නිවැරදි නම් කිසිම විටක බිය විය යුතු නැත.
අපි හමුවෙලාම ප්‍රතිචාර දක්වන්න ඕනේ... නොමග ගිය මනුස්සයට නෙමෙයි. නොමග යවපු දර්ශනයටයි. අපි හැමෝම මිනිස්සු දුර දිග බලා වැඩ කළොත් හොඳයි. අපි හැමෝම මෙහ පෘථිවියේ ජීවත් වෙන මිනිස්සු... රටවල්, පාට, පක්ෂ බෙදා වෙන්වුණාට... තිබෙන ප්‍රශ්න වැඩි කරන්නේ නැතුව, අහිංසක එදා වේල හම්බ කරන් ජීවත් වෙන අහිංසක දුප්පත් මිනිසුන්ට ඉන්න දෙන්න. පාලකයින්ට ඕනෑ විදිහට නටවන්න දෙන්නේ නැතුව හැමෝටම ලෝකය මැව් නිර්මාණකරුවාගේ පිහිටයි.
සමහර රටවල සුරතලයට ඇති කළත්, බල්ලෙක් යම් කෙනෙකු සපා කෑවොත් එම බල්ලා මරණ එක සිරිතක්. ඒත් හැම බලලම මරන්නේ නැහැ. (සපා කන්නේ බල්ලෝ මිසක් බළල්ලු නොවුණා කියල).