ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැගෙන ආ ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු යටින්තොට පහළ ගරාගොඩ ප‍්‍රදේශයේ දී යටියන්තොට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු බේරුවල ප‍්‍රදේශයේ යටින්තොට ප‍්‍රදේශයට පලා ගොස් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
සැකකරු පොලිසියෙන් බේරීම සඳහා කැලණි ගඟට පැන පිහිනා යාමට උත්සහ ගෙන ඇති අතර පොලිසිය මහත් පරීශ‍්‍රමයක් යොදා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රැගෙන ඒමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් යටියන්තොට ප‍්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හොරොයින් ප‍්‍රමාණය සැකකරු ඔහුගේ සොහොයුරා හරහා ඩිංගි බෝට්ටුවකින් ගොඩබිම වෙත රැගෙන එමින් සිටියදී බදාදා (5) රාති‍්‍රයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
මෙතෙක් ඇල්ලු හෙරොයින් තොගවල මොළකරුවන් කිසිවිටෙක අත් අඩංගුවට පත් වූ බවක් අපි නම් දන්නේ නැහැ. ඒ නම් ගම් කිසිදාක හෙළිකරන්නේ නැහැ. ඇයි? නීතිය ක්‍රියාත්මක කරන අය තමයි මේ ජාවාරමේ පසුබිමේ ඉන්නේ. මේ සිද්ධියත් ගඟට පැනල පීනපු යාත්‍රා හිමිකරුගෙන් එහාට නොයන බවට මෙන්න සාක්කි.
මේ මත්කුඩු තොගය රට තුලට පැමිණියා නම් රටේ තරුණ පරපුරට මහා ව්‍යසනයක් සිදු කරන්නට ඉඩ තිබුනා. මෙය වලක්වාලු ශ්‍රී ලංකා පොලිසියට අප සියලු දෙනා ණයගැති විය යුතුයි.
යාත්‍රාෙව් හිමිකරු නොවෙයි ..... කුඩු ගෙනාපු මුදලාලි අත්අඩංගුවට ගන්න
මේ වගේ වැඩක් ප්‍රබල දේශපාලකයකුගේ රැකවරණය නැතුව කරන්න බැහැ. මෙවැනි ආයෝජනවල ආවරණය හෝ රක්ෂණය එයයි. එසේ නොමැති නම් මෙවැනි කටයුත්තකට කවුරුත් ආයෝජනය කරන්නේ නැහැ..
වහාම මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්න
ජනාධිපති තුමා කිව්වේ මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියල..... කෝ දැන් ඒවා ගැන සද්දයක් නැහැනේ... අමතක වෙලාවත්ද දන්නේ නැහැ... රට විනාශ වෙලා...