(ක.ග කරුණාරත්න)
හිඟුරක්ගොඩ අධ්‍යාපන කළාපයට අයත් ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනෙක් සහ එක් සිසුවෙක් අද (22) පාසලට එමින් සිටියදී බඹරු ඇනීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
එම සිද්ධියෙන් තුවාල ලබා සිටි සිසු සිසුවියන් ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
දරුවන් පාසලට පැමිණෙන මාර්ගය් අසළ පිහිටි නුග ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා මේ අනතුර සිදුව තිබෙන බවත් එම අවස්ථාවේ පා ගමනින් පාසැලට පැමිණෙමින් සිටි දරුවන් සිව් දෙනාට බඹරු විද ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ. මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බඹරු ඇන ගිරිතලේ පාසලක සිසුන් 4 ක්රෝහලේ