
(අමදෝරැ අමරජීව සහ ඉන්දිකා රාමනායක)
නිති විරෝධි ලෙස විදේශිය රටකට සංක්‍රමණය විමට යාත්‍රා කරමින් තිබු සැක කටයුතු බහුදින යාත්‍රාවක සිටි 20 දෙනෙකු ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් පිහිටි පවුල් තුඩුව ආසන්නයේ අද (05) අළුයම අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
අත් අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 16 ක් එක් කාන්තාවක් හා අවුරැදු 18 අඩු තිදෙනකු සිටින බව නාවික හමුදාව පැවැසිය.
මෙම පිරිස මඩකලපුව,මුතූර්,යාපනය හා මිගමුව යන ප්‍රදේශවල පදිංචිකරැවන්වේ.
අත් අඩංගුවට ගත් පිරිස අතරින් හය දෙනකු යාත්‍රාවේ කාර්යය මණ්ඩලයවේ. අත් අඩංගුවට ගත් සියළු දෙනා වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය වරාය පොලිසියට භාර දිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ඉතාලි පනින්න හදපු සෙට්එකක් වගේ. පවුනේ... ඔන්න ඔහේ යන්න අරින්නනේ තිබ්බේ. මිලාන්වල නම් පාතාලයින්, ස්ත්‍රී දූෂකයෝ, කුරුණෑගල ඇසිඩ් ජිනේ වගේ අය වැහිවැහැලා. ඒ නිසා හොඳ මිනිස්සු විතරක් එන්න...
කරුණාකරලා මේ මිනිසුන්ට යන තැනක යන්නට දෙන්න... ලංකාවේ ඉඳලා හිඟා කන්නද?