
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව බාරදීම ජනාධිපති කාර්යාලයේ සිදු විය.
ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ (Takei Shunsuke) මහතා විසින් මෙම උපකරණ බාරදීමට අදාල ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
වාහන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමග සුහඳ කතා බහක ද නිරත විය.
ශ්රී ලංකා පොලිසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
ඕව ලැබෙන්නේ පොලිසියට කියලා තමයි ඒත් ඒ ගැන විගණනයක් කලොත් තමයි හොද කියලා හිතෙනවා
Thank you Japan ... all because of Mr. Ranil
රිලව් වගේ බලාගෙන ඉන්න හැටි විතරක්...
to protect himself and people are suffering with no foods . drugs and power and etc.