(නිමන්ති රණසිංහ)
මෙරට නිෂ්පාදිත විවිධ වර්ගයේ ගිනි අවි තුනක් සහ ජීව උන්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වීරකැටිය පොලිස් බල ප්‍රදේශයයේදි අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරු මුල්කිරිගල, වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ යෙදිය හැකි කටස් වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 08ක් සහ බෝර උණ්ඩ 12 වර්ගයේ උන්ඩ 03ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
සැකකරු සහ අත්අඩංගුවට ගත් ආයුධ වැඩිදුර පරීක්ෂණ සඳහා වීරකැටිය පොලිසියට භාරදී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd