දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටද අවසර ලැබේ.
හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේපිළිබඳව දැනුම් දී තිබේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.