IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපති - සුබ්‍රමනියම් ස්වාමි අතර විශේෂ හමුවක්

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ  භාරතීය ජනතා පක්ෂයේ නායක, ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහත්වරුන්  අතර සුහද හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ  පැවැත්විණ.

ඉන්දියාවේ අමාත්‍යධූර කිහිපයක් හොබවා ඇති ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත්  මිත්‍ර සම්බන්ධතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාවේ  ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහය විය යුතු බවට සෘජුවම පෙනී සිටි අයෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වූයේද සුබ්‍රමනියම් ස්වාමි මහතාය.

ස්වාමි මහතා ඉන්දියාවේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු මෙන්ම  සංඛ්‍යා ලේඛනඥයකුද  වෙයි.

සුබ්‍රමනියම් ස්වාමි මහතා නැවතත් හමුවීමට ලැබීම සතුටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම  හමුවේදී  පැවැසීය.



අදහස් (0)

ජනපති - සුබ්‍රමනියම් ස්වාමි අතර විශේෂ හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site