IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ගම්පහ සණස නිවාස සංකීර්ණයේ ජනතාවගේ තොරතුරු ගනී

( තිලකරත්න දිසානායක)

ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද ( 25) සවස පියවර ගනු ලැබීය. 

 
ඉකුත් 22 වෙනි දින වැලිසර නාවික කඳවුරෙහි තූර්ය වාදක කණ්ඩායම් නැවියන් විසින් මෙම නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශන පවත්වා ඇති අවස්ථාවේ එම නැවියන් කිහිප දෙනෙකු නිවාස සංකීර්ණය අසල ගැවසීම මත එම අය සමග ළගින් ඇසුරු කළ අය සිටීදැයි දැනගැනීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිවාස සංකීර්ණය වෙත පැමිණ මෙලෙස තොරතුරු ලබා ගැනීම සිදු කළ අතර කවුරුන් හෝ සිටීනම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස එහි පදිංචි කරුවන්හට දැනුම්දීම සිදු කළහ.

මෙම නිවාස සංකීර්ණයෙහි පදිංචි පවුල් 21 ක්  සිටිති.

නැවියන් ළගින් ඇසුරු කළ අය ඉදිරිපත් වුවහොත් ස්වයං නිරෝධානය සදහා යොමු කළ හැකි බවද මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔව්හු දැනුවත් කළහ.
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි නිලධාරීන් විසින් අද සවස  නිවාස සංකීර්ණය අසල ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ අසල පිහිටි වෙළඳසලකටද තූර්ය වාදක කණ්ඩායමේ නැවියන්  පැමිණ ඇති බවත් අනාවරණය විය.



අදහස් (10)

ගම්පහ සණස නිවාස සංකීර්ණයේ ජනතාවගේ තොරතුරු ගනී

අමරේ Saturday, 25 April 2020 07:08 PM

මිට පස්සේ තට්ටු නිවාස සංකීර්ණ ඉදිරිපිට සංගීත දැම්මොත් ..කෝවිඩ් පැත්තක තියලා ගහලා එලවනවා...!!! උඩ ඉඳලා බෝතල් එවනවා. මියුසික් කාරයෝ ජරාව බෝකරන්න පටන් ගත්තම අපිට මොකද වෙන්නේ...?අපිට බැහැ නිරෝධායනය වෙන්න.

:       324       468

dahanayaka - colombo 3Saturday, 25 April 2020 08:16 PM

සහතික ඇත්ත....අපේ මේ රැවුල ගිනි අරන් දඟලනවා. මොලේ අමාරු කාරයෝ සංගීතෙකුත් අරන් ඇවිත් සුරුට්ටු පත්තු කරගන්න හදනවා. මේ කාට කාටත් කියන්නේ අපේ ගෙවල් පැත්තට සංගීත අරන් ඇවිත් බජව් දමලා ගුටි කාලා යන්න එපා.ගහනවා අපි සිය ගණනක් ඉන්නේ මේ ගෙවල් වල...උඩින් එකබෝතලය ගානේ ආවත් ඇති...

:       238       368

samSaturday, 25 April 2020 09:19 PM

සංගීත සංදර්ශන තියන්නේ ඔයාලගේ මානස හොඳ කරන්න.

:       45       0

රිතික්Sunday, 26 April 2020 02:47 AM

උඩ ඉඳලා බෝතල් එවනවානම් මම කැමැත්තෙන්ම ඔයා ඉන්න පැත්තට ඇවිත් සින්දු කියනවා.

:       47       2

Anton AustriaSunday, 26 April 2020 06:20 AM

අනේ අමරේ, බොරුවට දන්නා එපා පෝස්ට්. ඔයාලා හමුදාවට එහෙම කරොත් ආයේ පාරේ යන්න නෙමේ. අපේ සිංහල අය ඔහොම නෑ. ඔයාලා සිංහල නෙමේ. එහෙම අය තමා ඔහොම කියන්නේ.

:       3       6

Kamal Saturday, 25 April 2020 08:43 PM

රණවිරුවන්ට අප සදා ණයයි.

:       0       1

sarathSunday, 26 April 2020 07:35 PM

ඇයි කොරෝනා බෝකලාටද...?

:       0       0

lalithm Sunday, 26 April 2020 02:58 AM

ජාඇල සුදුවැල්ලේ කුඩ්ඩන් අල්ලන්න ගිහින් වෙච්ච අපරදෙට මේ නාවික හමුදා සෙබළුන් වගේම රටේ අනිත් පළාත්වල මිනිසුන්ටත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. මීට පස්සේ කුඩ්ඩන්ට වෙඩි තියලා දමන්න කියනවට වඩා දෙයක් මේ වෙච්ච විනාශයෙන් අපට ඉගෙන ගන්න නැහැ. මේවා බෙදන අය සහ පාවිච්චි කරන්නන් දෙකොටසම කඳවුරු වලට(හමුදා නොවෙයි) දමල මියයනතෙක්ම හෝ සම්පුර්ණයෙන්ම අත් හරින තෙක් බලෙන් වැඩ අරගන්නවා හැර මේ කුඩු ව්‍යසනය නවත්වන්න ක්‍රමයක් නැහැ. හිරගෙවල් මේ අයට අනික් අපරාකරුවන් මුණගස්වන අපරාධ ඉස්කෝල. මේවට දේශපාලනය සම්බන්ධ බව කව්රුත් නොදන්නවා නොවෙයිනේ. කහවත්තේ ඝාතන වල වුනත් කුඩු බෙදපු ඇමති හෙන්චයියෙක් ගැන කියවුනානේ.

:       25       57

raviSunday, 26 April 2020 07:38 PM

කහවත්තේ ජෝනා දියවන්නාවේ, ලේලි කොවිඩ් ඇමතිනි..

:       0       0

වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් Sunday, 26 April 2020 03:08 AM

අමරෙ @ දහනායක... ඕගොල්ලො නම් මහ දරුණු මිනිස්සු. උඩ ඉඳන් බෝතල් එවනවා කියාපු එකෙන්ම ඒක තහවුරුයි.

:       123       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site