IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝටර් රථය ලොරියේ ගැටේ:දෙකම ගිනිගෙන අළු වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක් දෙල්කඳ හන්දියේදී ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි.

මෝටර් රථයේ රියැදුරු හා රිය සහායකයා තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් වී ඇත.

මෙම අනතුර ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.

සුඛෝපභෝගී කාර් රථ දෙකක්  දෙල්කඳ හන්දිය දෙසසිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ගමන් ගත් කාර් රථයට වේගය පාලනය කර ගැනීමට වම්පස තාප්පයක පළමුව ගැටී අනතුරුව මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයේ පිටුපස කොටසේ ගැටුනු බවත් එම අවස්ථාවේ එක වරම මෝටර් රථය ගිනි ගැනීමට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පැවසීය.

මෙම අනතුර වී ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ මාධ්‍ය ය උපකරණ තොගයක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක් වෙත බාමින් සිටියදී බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (7)

මෝටර් රථය ලොරියේ ගැටේ:දෙකම ගිනිගෙන අළු වෙයි

චන්දන Monday, 11 October 2021 07:52 AM

මේ තරම් ගිනි නිවීම් පහසුකම් ඇති නගර මධ්‍යයක මේක නිවාගන්න බැරි වීම ඇත්තටම කණගාටුදායක යි.

:       3       12

Saku Monday, 11 October 2021 09:42 AM

අමාරුවෙන් උපයන ඩොලර් වලට ගෙන්වන භාණ්ඩ නොසැලකිලිමත් කම නිසා ගිනිගෙන විනාශ වේ...

:       0       21

Janith Monday, 11 October 2021 10:42 AM

අපිට නං ආරංචිය ආවෙ බෙන්ස් එකේ දෙන්න බීලා ඉදලා කියලා

:       1       17

janahitha Monday, 11 October 2021 10:56 AM

බීමත් රියදුරන්, අපරාධ වැලැක්වීමට පොලිසිය අසමත් වී ඇත.

:       3       17

උපතිස්සMonday, 11 October 2021 12:02 PM

බාප්පල නවත්තන්නෙ බයික් ත්‍රීවීල් විතරයි.කාර් ජීප් ඇතුළෙ රෑට වෙන වැඩ පොලීසිය දන්නෙ නෑ.පොලීසියෙ පාට් පොඩි මිනිහට විතරයි

:       0       18

Nihal Dharmatileke Monday, 11 October 2021 04:13 PM

පින්සිද්ද වෙයි.. ‘‘සරල සිංහලෙන්‘‘... හැමෝටම තේරෙන්න වචනෙ පාවිච්චි කරන්නේ... පරණ ඉස්කෝලෙට ගිය බොහෝ දෙනෙක් තාම ඉන්නවා. වතුකරයේ දමිල වැසියන් කියන කැඩිච්ච සිංහල කණට මිහිරියි... මේ නොතේරෙන සිංහල වලට වැඩිය....

:       0       2

Lalith Monday, 11 October 2021 08:03 PM

මිරිහාන වගේ ප්‍රදේශයක මොනවද වගේ ගින්නක් නිවාගන්නට බැරි ගිනි නිවන හමුදාවක් අපට තියෙන්නේ. මීට වඩා ව්‍යසනයක් වුණොත් දෙයියන්නේ පිහිටයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site