(ටී.කේ.ජී.කපිල)
රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ලාංකේය ගුවන් මගීන් සිව්දෙනෙකු අද(14) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ඩුබායි සිට පැමිණ තිබිණි.
අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුහු මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන වර්ග 4කට අයත්, දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක්, ගමන් මලු08 ක සඟවා ගෙන පැමිණියහ.
රේගු අධිකාරී සේනක ඇරැව්පොළ මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.කේ.ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පීටර් ගුණවර්ධන, මලික් පෙරේරා, රේගු අධිකාරීවරුන් වන ගාමිණී විජේතුංග, ආර්.ලෝගනාදන්, සහකාර රේගු අධිකාරීවරුන් වන අතුල ලෙනදොර සහ දිසානායක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් තොටේ දී ලක්ෂ 45ක දුම්වැටි සමඟ 4 ක් දැලේ