




(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවේ වීදුරුවේ ගැටී බරපතල තුවාල ලබා සිටි වලි කුකුළකුට අද(22) පුත්තලම වන ජීවි පාලන ඒකකය මගින් ප්‍රතිකාර ලබා දී තිබේ.
නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසුවේ වලි කුකුළා අධික වේගයෙන් පියඹා අවුත් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවක සවිකර තිබූ වීදුරුවක ගැටී එයද කඩාගෙන කාමරයට විසිවූ බවයි.
අනතුරින් වලි කුකුළාගේ දෑස් සහ හොටයට හානි වී තිබිණි.
තුවාල වූ වලි කුකුළා නිකවැරටිය වන ජීවි පශු වෛද්‍ය ඒකකයට භාර දීමට කටයුතු කරන බව වන ජීවි පාලන ඒකකයේ ස්ථාන භාර නිලධාරී නවරත්න බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහත්මයා බෝධිසත්වයෙක් වගේ... මීට කලිනුත් වලි කුකුළන්, වල් ඌරන් ගොඩක් බේරගෙන තියෙනවා...
පුත්තලම වනජිවි පාලන එ්කකය ඉතාමත් ඕනෑකමින් සත්ව ප්‍රතිකාර කිරීමට සුදානම්ව සිටින බව සතුටින් දන්වා සිටිමට කැමැත්තෙමු..
ඉතාමත් ආදර්ශමත් විදුහල්පති කෙනෙක්... !!!
ඇත්තටම අපේ රටේ.. දවසකට කුකුල්ලු කී දෙනෙක් විතර මරාගෙන කනවද..? මොනවද මේ විකාර? !!!