(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම තුනක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් හිමිනමක්, රූපලාවණ්‍ය ශිල්පියකු,ව්‍යාපාරිකයකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 8 දෙනකු බෙලිහුල්ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කීර්තිබණ්ඩාරපුර පොලිසිය කියයි.
කෑල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන ගුරු වෘත්තියේ නිරතව සිටිනහිමිනමක් බව පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට රූපලාවණ්‍ය ශිල්පියා 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් කාන්තාවක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විදේශ රැකියා නියෝජිතවරියක ලෙස කටයුතු කරන තැනැත්තියක් වන අතර අනෙක් කාන්තාව ගාල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.
සැකකාර ව්‍යාපාරිකයා මීගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොවුන් ගමන්ගත් මෝටර් රථවල පුරාවිද්‍යා කැණීම් සඳහා යොදා ගන්නා බවට සැලකෙන උපකරණ රැසක් ද තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd