IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ටිපර් රථයක ගැටී කාන්තාවක් මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

ගොඩගම -  බොරැල්ල මාර්ගයේ පනාගොඩ මංසන්ධියේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක ගැටී අද (15) සිදුවූ අනතුරකින් යතුරු පැදියේ පැමිණි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ දැඩිගම වැලිකඩයාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අශෝකා රත්නමාලි නමැති 36 හැවිරිදි දෙදරු මවකි.

යතුරුපැදියේ පැමිණි සය හැවිරිදි කුඩා දරුවෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

අනතුරින් මිය ගිය කාන්තාව තම දරුවා යතුරුපැදියෙන් පෞද්ගලික පන්තියකට ඇරලවීම සඳහා යන අතරතුර දරුවාට දහවල් ආහාරය සඳහා යමක් මිලදී ගැනීමට පනාගොඩ මංසන්ධියේ වෙළඳසැලක් අසළ යතුරුපැදිය නවත්වා ඇත. ඇය එයින් බිමට බසිනවාත් සමඟ වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

අනතුර කළ ටිපර් රථය ගොඩගම සිට අතුරුගිරිය දෙසට ධාවනය කරමින් සිට ඇති බවත් පනාගොඩ මංසන්ධියේදී වෙනත් වාහනයකට වම්පසින් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි.

ටිපර් රථ රියදුරු රථය දමා පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

 

 

 



අදහස් (9)

ටිපර් රථයක ගැටී කාන්තාවක් මරුට

Pradeep Saturday, 15 February 2020 04:48 AM

මේ අවිනීත රියදුරාට මොන දඩුවම දුන්නත් දැන් අර අහිංසක දරුපැටියට අම්මා කෙනෙක් කොයින්ද. ඇයි මේ මිනිස්සුන්ට තව කෙනෙකුගේ ජිවිතයක වටිනාකම නොදැනෙන්නේ...

:       0       0

Praba Saturday, 15 February 2020 05:14 AM

කොරෝනා වලට වැය කරන කාලය , මුදල්, ශ්‍රමය ලංකාවෙ රිය අනතුරු අඩු කරන්න වැය කලානම් ඉන්න හිතෙන රටක් වේවි

:       0       0

denin Saturday, 15 February 2020 05:33 AM

දැන් ලංකාවේ වැඩිම මාරක මාර්ග අනතුරු සිදුකරන වාහන කාණ්ඩය තමයි ටිපර් රථ. සිංහල රජ කාලේ නම් මේ වගේ අපරාධ කරන අයට ගැළපෙන දඬුවම් තිබුනා. ඒ තමයි හිටෝපස් ගැහිල්ල. ඒ වගේ දඬුවම් අදටත් ක්‍රියාත්මක කරනවානම් ඔය වගේ නොසැළකිල්ලෙන් හා නීති විරෝදී ලෙස රිය පැදවීම් සිදුවන්නේ නැහැ.

:       0       1

Ara Saturday, 15 February 2020 07:30 AM

ඔය ටිපර්, ත්‍රී රෝද රථ වල රියදුරන් ගැන කතා කරලා වැඩක් නෑ. ඒත් එක්කම සමහර කොන්ත්‍රාත් ලොරි රියදුරන් මේ වගේමයි. බස් රියදුරන් එහෙමමයි. මේ ගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොන්ගේ වාහනේ එනකොට අනිත් ඒවා ඔක්කොම ඇයින් කරන්න ඕන කියලා. මේ තත්ත්වය නවත්තන්න පොලිසිය කුමක් හෝ කල යුතුයි.

:       0       1

sarath Saturday, 15 February 2020 11:28 AM

මෙවැනි රියදුරන් එල්ලුවත් මදි.

:       0       0

Asela Saturday, 15 February 2020 12:23 PM

අනතුරක් වලක්වා නොගැනීම..දඩය 2500/= ..

:       0       0

Nimal Saturday, 15 February 2020 07:37 PM

දැන් ලංකාවේ පාරක නෙවේ පදික වේදිකාවකවත් යන එක භයානකයි !

:       0       0

සේන Sunday, 16 February 2020 07:10 AM

නැවත නැවතත් ලියන්නට සිදුවේ. ට්‍රිිපර් රථ රියදුරන් මහ මග රේස් යන වග මම ඇස් දෙකෙන් දැක ඇත්තෙමි. අශිලාචාර , විනයක් රහිත මිනිසුන් නියාමනයන්ට යටත් කළ යුතුය. නැතිනම් මොවුන් තව තවත් අහිංසක මිනිසුන්ගේ සිරුරු මතින් මේ යකඩ ගොඩන් ධාවනය කරනු ඇත.

:       0       6

Athula Sunday, 16 February 2020 08:22 AM

මේවගේ මදාවියන්ගේ බලපත්‍රය අහෝසිකර වාහනයත් රාජසන්ත කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site