
( තිළිණි ද සිල්වා )
රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් කර ගෙන තිබියදී , ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් මානව හිමිකම් කවුන්සිලය තුළ පැවතීම නුසුදුසු බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය වෙත දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයට පෙර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මැතිනිය නිව්යෝර්ක් හිදී හමු වූ අතර, එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය
දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබා දීම අවශ්‍ය බවත් ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරියට පෙන්වා දුන් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම කාර්යන් යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනි වන බවය.
මෙම හමුවේදී ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතාගේ ගේ උණුසුම් සුභ පැතුම් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වෙත පිරිනැමූවාය.
දෙරට අතර තානාපති සබඳතා පිහිටුවා වසර 75 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැමරුම් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව උනන්දුවක් දක්වන බව ද එහිදී ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය සඳහන් කළාය.
ඉන් පසුව අදහස් දැක්වූ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඕස්ට්‍රේලියාව සතු අත්දැකීම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය.
මිනිස් ජාවාරම සම්බන්ධයෙන්, මෙය මානුෂීය ඛේදවාචකයක් බවත් මෙම නීති විරෝධී ක්‍රියාව මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අමාත්‍ය පීරිස් මැතිතුමා අමාත්‍ය පේන් මැතිනියට දැනුම් දුන්නේය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාංශය හා වර්තමාන තත්වය පිළිබඳව තක්සේරු කිරීම සහ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිණිස ක්‍රම සහ විධි හඳුනා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කරන විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුතුව කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධව ද ඔහු විස්තර කළේය.
දේශීය ආයතනවලට තම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශය හා අවස්ථාව ලබා දීම අවශ්‍ය බවත්, මෙම කාර්යය යටපත් කරන තාවකාලික බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනවශ්‍ය හා අහිතකර බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් පැවතීම අපරිණත හා නුසුදුසු බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මයන්ට පටහැනිවන බවත් ඔහු සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාවේ ඉතා උණුසුම් හා සුවිශේෂී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් සිටින බව ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
අමාත්‍ය පීරිස් මහතා විසින් දක්වා ඇති ක්ෂේත්‍රවල, විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඇය සාදරයෙන් පිළිගත්තාය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා සුහද සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වූහ.


2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදේශ ඇමති නිව්යෝකහීදී ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනිය හමුවෙයි
jagath Wednesday, 22 September 2021 10:18 AM
ඇද ඇද කිව්වට කවුරුත් අහන්නේ නැති පාටයි