IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


වඳුරු පැපොල ළමයින්ට ආසාදනය වුවහොත් බරපතළයි

වඳුරු පැපොල වයිරස් රෝගයේ දැඩි ව්‍යාප්තිය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. මෙය පැපොල සහ වසූරිය රෝග නොවන අතරමැදි තත්ත්වයකි. පසුගිය 25 වැනිදා වනවිට වඳුරු පැපොල රෝගය රටවල් 75කින් වාර්තා විණි. 

බෙල්ජියම, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායෙලය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ඉන්දියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය, උතුරු අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව,සිංගප්පූරුව, නවසීලන්තය, කටාර්, දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 75ක මේ වනවිට ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කොට ඇත.

නව වඳුරු පැපොල වසංගතය ආරම්භ වීමෙන් පසු පුද්ගල මරණ 05ක් ඇමරිකාවෙන් වාර්තා වූ අතර ඉන්දියාවෙන් එක් මරණයක් වාර්තා වේ. 

කෙසේ නමුත් මේ වනවිට අපේ අසල්වැසි ඉන්දියාවේද වඳුරු පැපොල ව්‍යාප්තියක් සිදුවන බවට නිගමනය කළ හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වඳුරු පැපොල රෝගය සඳහා ප්‍රති වයිරසය ලෙස වසූරිය රෝගයට ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නතම ලබා දිය හැකියි.

රෝග ලක්ෂණ ලෙස උණ තත්ත්වයට අමතරව සුදු පැහැති වතුර පිරුණු තරමක් විශාල බුබුළු දදයක් ආකාරයට සිරුරේ සැම තැනම පැතිරී යා හැකියි. ඊට අමතරව හිසරදය, ඇඟපත වේදනාව, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණද ඇති වේ. රෝගයේ බීජාවසන සමය දින 07ත් දින 14ත් අතර වේ.

මෙය ළමයින්ට වැළඳුණහොත් තත්ත්වය වඩා බරපතළ විය හැකියි. මේ දිනවලදී පෙර පාසල් සහ පාසල් ළමයින් අතර අත් පා මුඛ රෝගයද පැතිරී යයි. එයද වයිරස් රෝගයක් නිසා පැතිරීම දැඩිය. සුදු පැහැ වතුර පිරි බුබුළු සිරුර පුරාම හට ගැනීම රෝග දෙකේම පොදු ලක්ෂණය වේ. එබැවින් රෝග විනිශ්චය නිවැරැදි වීමද අත්‍යවශ්‍ය වේ.

ද්විතීක බැක්ටීරියා ආසාදන තත්ත්වයක්ද ඇති වුවහොත් උණ තත්ත්වය කල් අල්ලා පැවතීමට පුළුවන. සිරුරේ මතු වූ ළප කැළැල් මැකී යාමට කලක් ගතවේ. සමේ විකෘතිතා පවා ඇති කරවීමට සමත් රෝගයකි.

වඳුරු පැපොල රෝග ආසාදිතයකු මුහුණට මුහුණ ගැටීම, ආසාදිත පුද්ගලයකු වෙනත් පුද්ගලයකුගේ සමෙහි ස්පර්ශ වීම මගින් වුවද රෝගය බෝවිය හැකියි. ඒ අනුව ආසාදිතයකු හා සෘජු ශාරීරික සම්බන්ධතා පැවැත්වීම , සමලිංගික ක්‍රියාකාරකම් හරහාද මෙම රෝගය වෙනත් පාර්ශව අතර දැඩිව ව්‍යාප්ත වීමේ ප්‍රධාන සාධක ලෙස හඳුනා ගෙන තිබේ.

තවද ආසාදිතයකු පුද්ගලිකව පරිහරණය කළ දෑද වෙනත් පිරිස් අතර හුවමාරු පරිහරණයේදී රෝගය තවත් පුද්ගලයන් කරා ඉක්මනින් පැතිරී යාමට හැකියි. තවද වයිරස් රෝගීන් හමුවූ රටවලට සංචාරය කිරීමත් එවන් රටවල සිට වෙනත් රටවලට පැමිණෙන සංචාරක පිරිස් නිසාද රෝගය පහසුවෙන් සම්ප්‍රේශනය විය හැකියි. එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණි කවරකුට හෝ වඳුරු පැපොල රෝගය යැයි සැක සහිත ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතින් හෝ ළඟම ඇති රජයේ රෝහලක් වෙත හැකි ඉක්මනින් යොමු වන්න. එවිට තමන් ආසාදිතයකුද නැද්ද යන්න පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට පුළුවන.

ආසාදිත ලක්ෂණ ඇති පුද්ගලයන් සෙසු පිරිස් සමඟ එකට ගැටීමෙන් වැලකිය යුතුයි.

වඳුරු පැපොල ආසාදිතයන් මෙතෙක් අපේ රටෙන් වාර්තා නොවුණද පසුගියදා ඉන්දියාවෙන් ආසාදිතයන් කිහිප දෙනෙක්ම හඳුනා ගැණින. එය අපේ රටට ඇති අවදානම තවත් මතු කරවන්නකි. සාර්ථකව මර්දනය වෙමින් පැවැති කොවිඩ් රෝගය පවා මේ වනවිට නැවතත් නව ආසාදිතයන් විවිධ පෙදෙස්වලින් වාර්තා වීම අරඹමින් සිටී. එවැනි අවස්ථාවකදී තවත් වසංගතයක් රට තුළ ව්‍යාප්ත වුවහොත් රටේ පවතින වාතාවරණයත් සමග ජනතාවට, සෞඛ්‍ය අංශවලට ඇති අභියෝගය සුළු පටු නොවේ. එබැවින් රෝගය පැතිරීමේ අවදානම් සාධක ගැන සියලුම දෙනා සැලකිලිමත් වීම අවශ්‍යම මොහොතකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වඳුරු පැපොල ළමයින්ට ආසාදනය වුවහොත් බරපතළයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site