
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරි අන්ද්‍රා හැන්නඩි , ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සමාජයේ නව අභියෝග හඳුනා ගනිමින් ඊට පිළිතුරු සොයන ගමනට අවතීර්ණ වී ඇති බවයි.
එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගමනට පුරෝගාමීත්වය ලබාදෙන බවද රුවන් විජයවර්ධන මහතා කීය.


COMMENTS
බුදු අම්මෝ සෙනග කන්දරාව.ඇඟිලි වලින් ගණන් කල හැකියි
මේක ප්‍රවෘත්තියක් වෙන තරමට යූ ඇන් පිය වැටිල.
දුප්පත්කමින් ලෝකයේ 11 තැන අපට අඩු ආසන බල මණ්ඩල පමණයි. වාහන කීයක් යන්න ඇතිද මේකට තෙල් පුච්චාගෙන ඒවයේ පොටෝත් දාන්න.
"ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්" ඒ මොකක්ද ඒ. වෘත්තිය සමිති මෙහෙයවන්නේ ජනාධිපති ද? ජනරාල් කීවම එයාට යටින් තව ස්ටාෆ් එකකුත් ඉන්නවාද ? එතකොට එයාට පඩි ගෙවන්නේ අපිද? අතිගරු ජනපතිතුමනි ඔබේ දැඩි අවධානය පිණිසයි.