IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගම්පහ බාහිර ප්‍රතිකාර පරිගණකගත ක්‍රමයට

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ කටයුතු පරිගණකගත කරමින් රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සහ නව අක්ෂි ශල්‍යාගාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි. 

බාහිර රෝගී අංශයේ කටයුතු පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීම තුලින් රෝගීන්ට අපහසුතාවයකින් තොරව වෛද්‍ය  ප්‍රතිකාර සදහා යොමු වීම මෙන්ම ඖෂධ ලබා ගැනීම කඩිනමින් ලබා ගැනීමට හැකි වනු ඇති බව අධ්‍යක්ෂවරයා කීය.

මීට අමතරව මේ වනවිට වසර දෙකකට අධික කාලයක් රෝහල් අක්ෂි ශල්‍යාගාරය අලුත් වැඩියා කටයුතු සදහා වසා තැබීම හේතුවෙන් අක්ෂි රෝගීන් පත්ව ඇති අපහසුතාවය මගහරවා ගැනීම පිනිස, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය  ඩී.ජේ.ඩයස් මහතාගේ මගපෙන්වීම මත රෝහලෙහි තෙවන මහලේ පිහිටි අක්ෂි ප්‍රතිකාර වාට්ටුව තුලම ඇසේ සුද ඉවත් කිරීම පිනිස  අක්ෂි ශල්‍යාගාරයක් ස්ථාපනය කොට ඇති බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය. 

වසර දෙකක පමණ කාලයක් ශල්‍ය කටයුතු නිසියාකාරයෙන් සිදු නොවන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ඇසේ සුද ඉවත් කිරීම පිනිස වන පොරොත්තු ලේඛනයෙහි රෝගීන් 2000 ඉක්මවා ඇති බව දැනගන්නට ඇත 

බාහිර රෝගී අංශයේ කටයුතු පරිගණකගත කිරීම ආරම්භ කිරීම සහ නව අක්ෂි ශල්‍යාගාරය විවෘත කිරීම ලබන මස 1 වෙනි දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. 

(ඡායාරූපය:- අක්ෂි වෛද්‍ය අර්ජුන ධර්මවර්ධන මහතා නව ශල්‍යාගාරය නිරීක්ෂණය කළ අයුරු)



අදහස් (0)

ගම්පහ බාහිර ප්‍රතිකාර පරිගණකගත ක්‍රමයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site