
(ඩයනා උදයංගනී)
කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවද අමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබේ.
මේ දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින කාංචන විජේසේකර මහතා කටාර් චැරිටි පුණ්‍යායතනයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකළ බව ඔහු සිට ට්විටර් ගිණුමෙහි ද සඳහන් කර ඇත.
එම පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කරන ලද කාර්යයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ඇමතිවරයා සඳහන් කර තිබේ.
මෙම පුණ්‍යායතවයේ අරමුදල සම්බන්ධයෙන් 2019 වසරේදී තහනමක් පනවනු ලැබ තිබුණේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මතය.
COMMENTS
එදා වඳ කොත්තු අද සුපිරි කේක්...
දැන් ලොකුකම් පැත්තකට දාලා රටවල්වලට ගිහින් පාච්චල් වෙන හැටි..
කරන උදව්වක් මුස්ලිම් ජාතිකයින්ට පමණක් කරන්න. සිංහලයින් කියන්නේ ලැජ්ජාවක් තියන ජාතියක් නෙවෙයි. නැත්නම් ඉතින්, ජාතිවාදය නමින් "කටාර් චැරිටි" තහනම් කරලා, දැන් ලජ්ජා නැතිව යයිද හිඟාකන්න. අර පහුගිය කාලේ "හලාල්, හලාල්" කියමින් සද්දෙට බුරාපු රැල දැන් කොහෙද දන්නේ නැහැ. මම නම් කියන්නේ දැන් නකුට අස්සේ ගහගෙන හිඟමනේ ආවාට, කටාර් රාජ්‍යයේ නායකයින් දන්නවා ඇති ස්වභාවය...
විලි ලැජ්ජයි මේ ආණ්ඩුව කරන වැඩ බැලුවාම...
අපේ හාමුදුරුවනේ දැන් මොකද කරන්නේ?
කෝ අර බමුණා කියන පොර? නන්ගසරත් එක්ක එකටම කැළණි ගගේ නයා හොයන්න පැන්න නම් හරි.... දැන් බයියෝන්ට ඉස්ලාම් ආගම, මුස්ලිම් ජනතාව, මුස්ලිම් රටවල් හරිම ෂෝයි... ඒකාලේ අපි කිව්වා මුන් බොරුව කරල ජාති වාදේ පතුරනවා කියලා. මුසල පාලකයෝ අපේ රටේ ඉන්නේ...
දැන් කවුද ත්‍රස්තවාදියා? දැන් තමයි නිරුවත එළි වෙන්නේ...!
ලැජ්ජ නැති හිගන්නො