
(නිමන්ති රණසිංහ)
පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමයේහි අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලබන ඔක්තෝම්බර් 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (28) නොතීසි නිකුත් කළේය.
මෙම නොතීසිය පිස්කල් මාර්ගයෙන් ධම්මාලෝක හිමියන්ට ලබා දෙන ලෙසටද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (27) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නොතීසිය නිකුත් කෙරිණී.
ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිටවන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මානසික සහ සෞඛ්‍යයට ඇතිවන අහිතකර පීඩාව මැඩ පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ඇලන් මැතිණීයාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 2016 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මෙම නඩුව පවරනු ලැබ තිබිණී.
ගවින්ද ජයසිංහ, ඩිරේන් ආර්. ඇලොක්, වෛද්‍ය කාලිංග කළුපෙරුම, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ කමලේෂ් ජෝර්ජ් පිලෛ යන පැමිනිලිකරුවන් විසින් මෙම පැමිනිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එම ඉල්ලීම සිදුකර ඇත.
තමන් කොළඹ 05 ඇලන් මැතිණීයාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිනිලිකරුවන් සිය පැමිනිල්ලේ දක්වා ඇත.
COMMENTS
බුද්ධාගම විනාස කරනවෝ... කෝ අපේ සිංහලේ , බලසේනාවේ භික්ෂූන් වහන්සේලා.
පින්සිද්ධවෙයි රත්නපුර පන්සල් පල්ලි මේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කරන ශබ්ද දූෂණය වහාම නවත්වලා දාන්න. ළමයෙකුට පාඩම් කරන්න නැහැ. මනුස්සයෙකුට නිදා ගන්න නෑ. උදේ 4 වෙනකොට මේවා දමාගන්නව. හාමුදුරුවරු මිනිස්සුන්ට සහ සතුන්ට නිකරුනේ වද දීලා පව් පුරවා ගන්නවා.
හුගක් පන්සල්වල තත්වය ඕකයි. උමංදාව කන්දොස්කිරියාවක්...
බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදිම අද වනවිට භික්ෂුව බොහෝ වෙනස්වීම් වලට භාජනය වෙලා. රට පුරා රහතන් වහන්සේලා වැහි වැහැලා ඇති බව සමාජ ජාල වලින් දැක ගත හැකියි.මේ නිසා වර්තමාන බෞද්ධයා සැබෑ දහම තේරුම් ගත නොහැකිව උමතුවෙන් ඒ මේ අත දුවනවා.ශීලය දූෂිත වූ තැන භික්ෂුවක් නැහැ. එතැන සිටින්නේ දුසිල්වතෙක්.දුෂිල්වතුන් සිල්වතුන් සේ සලකා වැඳ නමස්කාර කිරීම හා පිදීම දෙලොව පිරිහීමට හේතු වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.එබැවින් සැබෑ සංවර බෞද්ධයන් වන්දනාමාන කිරීමේදී " උතුම්වූ බුද්ධ රත්නය, ශ්‍රී සද්ධර්මය,මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන කොට ඇති සිල්වත් ආර්ය මහා සංඝරත්නය මම නමස්කාර කරමි " යනුවෙන් කියා හෝ සිතා නිතරම වැඳීමට අධිටන් කරගත යුතුය.එවිට අපගේ නමස්කාරය දුසිල්වතුන්ට නොවන නිසා අපට යහපත සිදුවේ.