(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුපුහුණු කම්කරුවන් වශයෙන් සේවය කරන 600 දෙනෙකු අතරින් සුදුසුකම් සපුරා ඇති පිරිස් කාර්මික නිලධාරින් ලෙස ශ්‍රේණිගත කිරීමට කටයුතු කරමින් සිටින බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පැවසීය.
නුපුහුණු සේවකයින් වශයෙන් වසර ගණනාවකට පෙර පත්වීම් ලබා පැමිණ විවිධ කාර්මික කටයුතුවල වසර ගණනක් සේවය කර ඇති මෙම පිරිස මේ වනවිට ඉතා ඉහළ මට්ටමින් කාර්මික දැනුම ලබා ඇති පිරිසක් වන නමුත් තවමත් නුපුහුණු සේවකයන් ලෙස සේවය කරන බව ද රණවක මහතා ප‍්‍රකාශ කළේය.
ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහය ලබාගෙන මෙම පිරිස පරික්ෂණයකට ලක් කරන බවත් පසුව ඔවුන්ගේ නිපුණතා මට්ටම අනුව සහතිකයක් ලබා දී ඒ අනුව කාර්මික නිලධාරින් ලෙස ශ්‍රේණිගත කරන බවත් සභාපතිවරයා කීය.
මේ අතර වැටුප් ගෙවා ගත නොහැකි ඩිපෝ සියල්ලම ඉදිරි මාසයක කාලය තුළ වැටුප් ගෙවීමට ආදායම් ඇති ඩිපෝ බවට පත් කරන බවත් ක‍්‍රමානුකූලව ශ්‍රී ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
COMMENTS
ලංගමයට පුහුණු සේවකයන් සැපයීමට තමයි ජර්මන් ටෙක් එක පිහිටෙව්වේ... ඉන්පසුව (ජර්මන් ටෙක් එක කටුබැද්දට ගෙනිච්චාම) වේරහැර වෘත්තීය පුහුණු ආයතනයත්, ඊටත් පසුව බොරැල්ලේ පුහුණු පාසැලත් මේ සඳහාම පිහිටවපු ආයතන. මේ ඉහත කියන "සියලුම" නොපුහුණු සේවකයන් ඡන්ද කාලවලදී ඡන්දෙන් දිනාපු පක්ෂවලට පාප්ප බාල්දි උස්සපු දේශපාලක බත් බැලයන් මිසක් කිසිම කාර්මික සුදුසු කමක් ඇතිව ලංගමයට ආපු අය නොවෙයි. ලංගමයේ පරිහානියට හේතුවන කාරණා කිහිපයක් අතරින් මේ කියන සේවකයින්ව රැකියාවට බඳවා ගැනීමත් එක හේතුවක්...
මේ උසාවිය නොවේ. ඕවා නිකම්ම නිකන් නීති තර්ක පමණයි. ඉහත රසි කියලා තියන පරිදි ලංගමයට හා රටට අවශ්‍ය කාර්මිකයින් පුහුණු කිරීමට පිහිටවූ ආයතන වහලා දාලා දේශපාලු හෙන්චියලාගෙන් ඇබෑර්තු පිරෙව්වහම ඕනෙම ආයතනයක් දියුණුවෙන්නේ කොහොමද?