(සුමිත් පොතුපිටිය)

මතුගම IOC ඉන්ධන පිරවුම් හලේ අද පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු අයුධයකින් පහරකෑමට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කළ බව මතුගම පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ මතුගම, දෙනිය ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි .

පහරකෑමට ලක්වූ පුද්ගලයා ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැදී සිට දිවා ආහාර ලබාගැනීම සඳහා මතුගම මහජන ක්‍රීඩාංගණය අසලට ගොස් සිටියදී පස්වරු 3:30 ට පමණ පිහි පහරට ලක්ව ඇතැයිද පොලිසිය පවසයි .

උදරය, හිස සහ දෑත්වල කැපුම් තුවාල සහිතව, තුවාලකරු මතුගම රජයේ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.