
(අංජුල මහික වීරරත්න)
පාසලකින් අවම වශයෙන් සිසුන් 75 දෙනකු විභාගයට සුදුසුකම් ලබා තිබෙිනම් එම පාසල විභාග මධ්‍යස්ථානයක් බවට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැකි නම් ඉදිරි දින කිහිපය ඇතුලත ඊට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත් සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
COMMENTS
මේ වගේ දේවල් නිලධාරින්ට හිතෙන්නේ නැතිද දෙවියනේ?
මෙච්චර කල් ගිහින් පැවැත්වෙන විභහගය දැන් එනවා කියනවද