(ශාන්ත පී. බණ්ඩාර)

පවතින අධික වර්ෂාව නිසා මහනුවර - කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට අලුයම 6.00 තෙක් යළි වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධික වාර්සාවත් සමග නාය යාමේ අවදානමක් නිසා පසුගිය 10 වැනිදා සිට මාර්ගය වසා දමා තිබූ අතර එහි එක් මංතීරුවක් පමණක් මීට සතියකට පමණ පෙර විවෘත කරනු ලැබීය

අද දින පැවැති අධිකවර්ෂාව නිසා එම මාර්ගය යළි වසා දැමීමට තීරණය කළේය.

කෑගල්ල,මාවනැල්ල ඇතුළු ප්‍රදේශ රැසකට මේ වන විටත් දැඩි වර්ෂාවක් පවතින අතර ප්‍රදේශයේ ඇල දොල පිටාර ගැලීම නිසා නිවාස රැසක් ද ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.