ඉන්දියාවේ බැංගලෝර් හි දී පැවැත්වෙන සමුළුකට සහභාගී වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය.
‘ද හින්දු’ පුවත්පත සංවිධානය කරනු ලබන මෙම සමුළුව හෙට (9) සහ අනිද්දා (10) ඉන්දියාවේ බැංගලෝර් හි දී පැවැත්වෙනු ඇති.
එහි සමාරම්භක දේශනය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාවල අනාගතය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිතය.
පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්.පිරිස්, මන්ත්‍රී ලොහාන් රත්වත්තේ,ඩිලාන් පෙරේරා, නාමල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සමුළුවට සහභාගී වනු ඇති.
(28535)
COMMENTS
මෙතුමා සමග යන අනිත් නඩේ යන්නේ මෙතුමාගේ තනියට වෙන්ට ඇති.
ආණ්ඩුවේ වියදමෙන් අර දේවාලෙට යන්න උප්පර වැට්ටියක් වගේ මගේ හිතේ...
පහුගිය මාස දෙක තුනේ ඇති වෙච්ච අලකලංචි වලින් බේරෙන්නත්, අනාගතයේ බලය ලබාගන්නත් වූ බාර ඔප්පු කරන්න ආණ්ඩුවේ වියදමෙන් අර දේවාලෙට යන්න කරන උප්පරවැට්ටියක් මගේ හිතේ.... හැම මාසෙම 01 වෙනිදාට තවම එහෙ පූජාව පවත්වනවානේ...
පුදුමයි මීගමුවට හෙලිකොප්ටරයකින් ගියා වගේ ඩුබායිවලට ගිය නැත්තේ...
ඉස්සර නම් පරිවාරකයින් විශාල සංඛ්‍යාවක් කැඳවාගෙන ගියා... දැන් මොකද සල්ලි මදිපාඩුවක් වත්ද දන් නැහැ.
මෙන්න තවත් නරි ගේමක් බලාපොරොත්තු වන්න.
ඔය සමුළු මගුල් නෙමෙයි, දේව ප්‍රජාවකට වෙන්න ඇති යන්නේ...
යන දේවාලෙක ගියපුදෙන්. කට වරද්දගන්න එපා බොලව්...