IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් දඩ කොළ සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂාවලින්

(රොමේෂ් මධුෂංඛ)

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය ලබාදෙන දඩ කොළය ප්‍රථම වරට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පළකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
 
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව භාෂා තුනෙන්ම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියාසිටියේ 1951 වසරේදී හඳුන්වා දුන් මෙරට මෝටර් රථ වීදි දඩ කොළය මේ වනතෙක් පළ වූයේ එක් භාෂාවකින් පමණක් බවයි.  උතුරේ පොලිස් නිලධාරීන් දඩ කොළය සිංහලෙන් ලියූ විට එය ලබාගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීමේදී දැඩි අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වු බවත් අධිකරණ කටයුතුවලදීද ඔවුන්ට එහිදී අපහසුතාවලට මුහුණපෑමට සිදුවූ ඇති බවත් ඒ මහතා කීය.
 
භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ කරන වැරදි අංකයක් ආකාරයට දක්වා ඇති බවත්, අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හඳුනා ගත හැකි බවත් මෙය ප්‍රජාතන්ත්‍ර අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (9)

පොලිස් දඩ කොළ සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂාවලින්

sena Monday, 14 October 2019 07:25 AM

භාෂා තුනම එක කොලේක ගහලා වියදම වැඩිකරනවාට වැඩ හොදය භාෂා තුනම වෙනේ වෙන පොත් වල අච්චු ගහලා පොලිස් නිලදාරින්ට දුන්නම දඩ කොලේ ලබාගන්න කැමති භාෂාවකින් කොලේ ලබා ගතහැකියි.

:       4       10

amila Monday, 14 October 2019 07:33 AM

සිංහල ඉංග්‍රීසි තිබ්බම හොඳටම ඇති, සිංහලට අකමැති අය ඉංග්‍රීසි ඉගෙන ගන්න, දැන් ඉස්සරහට අරාබි, චීන අය වැඩි උනාම ඒ භාෂා වලිනුත් මේක මුද්‍රණය කරනවද?

:       8       45

pathirana Monday, 14 October 2019 07:37 AM

මේකට යන අමතර වියදම් දරන්නේ කව්ද? අරෙහෙන් රජයේ සේවකයෝ හැමදාම ඉස්ට්‍රයික් වැඩි පඩි ඉල්ලලා මෙහෙන් උපාදි දාරීන් හැමදාම මහපාරේ රස්සාවල් ඉල්ලලා පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය හැම මාසෙකම මොකක් හරි දීමනාවක් වැඩි කරගන්නවා නැතිනම් කාර් පමිට් හදාගන්නවා මේ ඔක්කොම දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නේද? මේක හරියන රටක් නෙවෙයි මොනවා හරි කියලා මහජනයාගේ බඩට ගහන්න ඔක්කොම බලන් ඉන්නේ.

:       6       29

Asanka Monday, 14 October 2019 09:33 AM

එක් රටකට එක් භාෂාවක් ඇති. මොකක්ද මේ? ජපානේ ඇමෙරිකාවේ හැම රටේම තම භාෂාවෙන් කතා කරනවා.ලංකාවේ තමා මේ ඔක්කොම.

:       0       4

Amila Monday, 14 October 2019 09:54 AM

ඔය විකාර වලට නෙමෙයි කාලය යොදවන්න ඕන. දඩ ගෙවන අලුත් ක්‍රම වගේ දේවල් ගැන. කාඩ්, බැංකු ඩිපොසිට්, මොබයිල් ඇප් වලින් වගේ ගෙවන්න නූතන තාක්ෂණය භාවිතා කරන්න ක්‍රම හදන්න. මොකද නිකන් කාලය විතරයි නාස්ති වෙන්නේ. අනික මිනිස්සු පගා දෙන්න යන්නේත් නෑ එහෙම වුනහම. තව ඕන නම් විඩියෝ පටයක් අනිවාර්යය කරන්න දඩයක් ගහද්දී. එතකොට කවුරුත් බොරු කරන්නෙත් නෑනේ.අනික උසාවි දාන ඒවා පුලුවන් තරම් අවම කරගෙන කෙලින්ම දඩේට යන්න. මොකද කොහොම ගියත් අවසානේ දඩම තමයි ගෙවන්න වෙන්නේ.උසාවි වල කාලය යොදවන්න බැරෑරුම් ප්‍රශ්න විතරක් විසදන්න. සල්ලි ටිකත් රජයට ලේසියෙන්ම එනවා. මොකද ඇත්තටම ආණ්ඩුවලට ඕන සල්ලි මිසක් විනය හදන එක නෙමේනේ.

:       0       2

johan Monday, 14 October 2019 10:15 AM

මොකක් හරි ගොන් පාට් එකක් ගෙනැල්ලා වීරයන් වෙන්න තමයි මෙයාලා බලාගෙන ඉන්නේ... මේ වගේ විහිළුවක් ඉන්දියාවේ කරා නම් දඩ කොලේ ගිනියන්න වෙන්නේ වීල් බැරෝ එකක...

:       0       2

සේන Monday, 14 October 2019 10:39 AM

තම තමන්ට ඕනේ ඕනේ විදිහට රට නටවන්න පුලුවන් වෙන්නේ පඹයන් ඉන්න නිසායි..

:       0       1

Piyal Monday, 14 October 2019 10:56 AM

ඉතා මෝඩ තීරණයක්. තොග කඩදාසි. ගිලෙන රටක්. එක් රටකට එක් නිල භාෂාවක් සඳහා අමතර පිරිවැයක්.

:       0       0

Bamunuarachchi Monday, 14 October 2019 01:33 PM

"භාෂා තුනම එක කොලේක ගහලා වියදම වැඩිකරනවාට වඩා හොඳයි, භාෂා තුනම වෙන වෙනම දාන එක..." මාර මොලයක් ඡන්ද කළොත් භාෂා තුනෙන්ම මුද්‍රණය කරන්න කියාවි... මේ ගොල්ලන් තමයි රටකට හොඳ රජයක් තෝරන්න ඡන්දය දෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13434 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 87 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 922 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site