IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බෝලයක් වූ බෝම්බය පුපුරා දරුවකුට තුවාල

(රොමේෂ් මධුෂංඛ)

යාපනය, පුත්තූර්, නිලාවරෙයි ප්‍රදේශයේ අතහැර දැමූ ඉඩමක තිබූ බෝම්බයක් ගෙන බෝලයක් යැයි සිතා සෙල්ලම් කරමින් සිටි පාසල් දරුවෙකු බෝම්බය පුපුරා යාමෙන් අද (09) බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.
 

පාසල් සිසුවා බෝලය යැයි සිතා බෝම්බය බිම දමා ගැසීමේදී බෝම්බය පුපුරාගොස් ඇතැයි මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වූ බවද පොලිසිය කියයි.
 
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා යාපනය අච්චුවේලි රෝහලට ඇතුළත් කළ අතර, අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවද පොලීසිය පැවසීය.
 
යුද සමයේ අච්චුවේලි ප්‍රදේශයේ යුද ගැටුම් බහුලව පැවති අතර, ඉඩම් රැසක් අතහැර දමා තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අතහැර දමා ගිය බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇති බව පරීක්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පවසයි.
 



අදහස් (0)

බෝලයක් වූ බෝම්බය පුපුරා දරුවකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site