(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා රටින් පිටව ගොස් සිටියත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගෙන ක‍්‍රියාත්මක කිරීමට සියලු බලතල හිමිව ඇතැයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(13) පැවැසීය.
පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධියෙන් පසුවද පැය 9ක් යාමට මත්තෙන් අවශ්‍ය පළමු ත‍්‍රස්ත කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදෙනු ලැබුවේද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
“රටේ ව්‍යවස්ථාව අනුව අගමැති තමයි ජනාධිපතිවරයාට පස්සේ ඉන්න ප‍්‍රධානියා. අගමැතිතුමාට නෛතික බලතල නැති වුණත් එතුමා මැදිහත්වෙලා රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනීවී.
අගමැතිතුමාටත් යම් යම් අවහිරතා සිදුකරලා තියෙනවා. ආරක්ෂක කවුන්සිලය කැඳවන්න කිවුවම ඒ අය ආරක්ෂක කවුන්සිලය කැදෙව්වේ නැහැ. ඒ අවස්ථාවේදීත් අගමැතිතුමා රට ගැන හිතලා ආරක්ෂක අමාත්‍යාංශයට ගිහින් අවශ්‍ය තීන්දු තීරණ ගත්තා. ඒ අනුව පැය කිහිපයක් යන්නට මත්තෙන් මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ප‍්‍රධානින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා” යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
ඔව් ඔව්..ඇමරිකාවට උවමනා ආකාරයට වැඩේ කරවයි
21 වෙනිදා ඒ දේ කරන්න බැරි උනේ මොකද ?
ඒ කියන්නෙ දැන් රටේ ආරක්ෂාවක් නෑ කියන එක බොරුව කපටි කම තම ආත්මය වූ රටට දැයට කිසිඳු ලැදියාවක් නැති තැනකින් අපි කුමක් නම් බලාපොරොත්තු වන්නද ? අහෝ ! අපේ මාතෘභූමියට වූ අපලය
ඉතා හොඳයි
මහ අය කුලල් කාගන්නවා. ජනතාව තැලෙනවා.
ඔවු ඔවු, හොඳ අවස්ථාව සර්, අගමැතිතුමාට කියලා ඇමෙරිකන් හමුදාව ලංකාවට ගෙන්නගන්න
අර ලියුම් ටික ඕනෑ නම් බෙදලා දාගන්න පුළුවන් මේ වෙලාවේ...
ඔය කියන රටට දැයට ලැදියාව තියන තැන කොතැනද කියන එකත් අනේ අපට කියල දෙන්නකෝ.
ඔයාලට කියන්න විතරයි පුළුවන්. මෝඩ වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් ඇයට වැඩ කරන්න දීලා රට බේරා ගන්න දෙන්න. තමුන් මොනවද දන්නේ?
ඕන කෙනෙකුට රටක් ආරක්ෂා කරන්න බෑ කියල ඔයාල හැමෝම ඔප්පු කලා.
රටේ ආරක්ෂාව ගැන කියන්න ආරක්ෂක ඇමතිට, හමුදාපතිවරුන්ට හා පොලිස්පතිට භාරදීලා අනිකුත් අයවලුන් සියලු කටවල් වසා ගැනීම වඩාත් සුදුසුයි. පහුගිය දිනවල සිදුවීම්වලදී වගකීම භාරගැනීමට කිසිවෙකු නොසිටියා වගේ ඉදිරියටත් වගකීම් භාර නොගන්නා උදවියගේ අල්ලාප ප්‍රලාප වලින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැත.
ඕන ගොනෙකුට ඕක කරන්න පුළුවන් නේද අැමතිතුමා?
කිව්වොත් කියන්නේ ගොන් බූරු කතා.. කුමකින් හෝ සූත්තරයට මිරිකන්නේ.. හිතන් ඉන්නේ ලොකු පුටුවට යන්නමනේ... මෙවන් අයෙක් කුමකට ඉපදුනාද අනේ...
ඔබතුමා කියන දේවල් ලංකාවේ මිනිස්සු පිළිගන්නේ නෑ
ප්‍රහාරයෙන් පැය 9ක් ඇතුලත අල්ලගත්ත එක හපන් කමක් කියලාද හිත්තන්නේ? හරි නම් ප්‍රහාරයට සති දෙකකට කලින් අල්ලන්න තිබුනේ. ඔක්කොම නම් ගම මූණු පොතේ ගියාම ගිහින් ඇල්ලුවා. ඕක ඕන ගොනෙකුට කරන්න පුළුවන්
බලතල නැතිනම් කොහොමද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ? කව්ද මොහු දෙන නියෝග පිළිපදින්නේ... සිරිසේන උන්නැහේ කීවා මතකද රනිල් ගොයියා එයාගේ බලතලත් පාවිච්චි කලා කියලා... ඒ කාලේ ගියා ගොයියෝ. රනිල් මුස්ලිම් ඡන්ද වෙනුවෙන් මුළු සිංහල ජාතියම පාවා දුන්නු බව තේරුම් නොගන්න නිවට නියාලු ගොබ්බ සිංහලයින් අපි අතර කොපමණ ඉන්නවාද?
දැන් මේ .. අපේ රටේ විතරයි .... " ත්‍රස්තයින්ගේ " කරේ නැගගෙන එක..එකා ලොකු වෙන්න දඟලන්නේ ... අපේ රටේ ඉන්නේ ... කිසිම මොලයක් නැති පිරිසක් ..!
උපදෙස් දුන්නේ නැත්නම් ක්‍රියාකාරී වෙන්නේ නැද්ද ?
21 ප්‍රහාරය නවත්තන්න බැරිවුනේ එයට බලය නැතිනිසා කියලා නේද කිව්වේ? එදා වගකීම ගන්න බැරිවුණු කෙනා දැන් කොහොමද ඔහොම කියන්නේ? ඔය හැමෝම එකයි.. තිත්තයි ඔබලා ගැන...