IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ජනපති හමුවෙයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අල් මුල්ලා මහතා අද (03) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ තානාපතිවරයා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවන බවට සහතික වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නව දැක්මක් සහිත වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබාදෙන බවද තානාපතිවරයා සඳහන් කළ බවද එම කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ජෝනා කොම්පර්ස් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සුභාශිංසන පළ කළ බවද එම කාර්යාලය සඳහන් කරයි.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අනොන්‍ය ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට කැපවන බව නවසීලන්ත මහ කොමසාරිස්වරිය පැවසූ බවද ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (0)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site