
(ඉන්දිකා රාමනායක)
මෙරව පොසොන් උත්සවය නිමිති කරගෙන හෙට (14) දවස පුරා සියලු බන්ධනාගාරවල රැඳවියන් වෙනුවෙන් ශිල සමාදාම් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
මෙම වැඩසටහන් අතර ශිල ව්‍යාපාර, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී පැවැත්වෙන බව එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර අධි ආරක්ෂිත බන්ධනාගරයක් වන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝණයේ සිරකරුවන් 20 ද හෙට ශිල සමාදම් වීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
දිවයින පුරා සියලු බන්ධනාගාර තුළ සිටින රැදවියන් මේ සදහා සහභාගි වන බවත්, බන්ධනාගාර රැඳවියන් ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය යාවත්කරමින් ඔවුන් සහපත් පුරවැසියන් කර සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd