
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෙදරට කොටුවූ දරුවන් අතුරින් දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටළුවලට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවැනි මානසික ගැටලුවලට ලක්වූ දරුවන් කිහිප දෙනකු ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.
ගෙදරට අසීමිත කාලයක් කොටුවීම නිසා සමාජ ආශ්‍රය නැතිවීම සහ උපකරණවල දුරකථන වැනි තාක්ෂණික උපකරණවලට අධික ලෙස ඇබ්බැහිවීම නිසා ඔවුනට මෙම මානසික ගැටලු ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෙවැනි මානසික ගැටළුවලට ලක්වූ ඇතැම් දරුවන් මවුපියන් නුරුස්සන සහ ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ පෙන්නුම් කරන බවද පැවසුවේය.
මානසික ගැටළුවලින් පෙළෙන සමහර දරුවන් පාසලට යෑමට බියකින් පසුවන බවත් අධික ලෙස ජංගම දුරකථන වලට ඇබ්බැහිවූ තවත් ඇතැම් දරුවන් එම උපකරණ පාවිච්චි කරන අතරේම මළ මුත්‍රා පවා කරගන්නා තත්වයක් දක්නට ඇති බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
දරුවන් මුහුණ දී ඇති මේ ප්‍රශ්නය ගැන රජයක් සහ සමාජයක් හැටියට විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි ගැටලුවලට ලක්වූ දරුවන් සිටී නම් වහාම ළඟම ඇති රෝහලට හෝ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට හෝ යොමු කරන ලෙස හෙතෙම මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 04
308
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු’
ජගත් Sunday, 28 November 2021 02:24 PM
ළමයින් පමණක් නොවේ. වැඩිහිටියන් පවා මානසික රෝගවලින් පෙළෙනවා කියලයි හිතන්නේ මේ වසංගතය නිසා...