IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ

(තරිඳු ජයවර්ධන)

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට අද (28) රැස්වූ ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමටද පොලිස් කොමිසම අද තීන්දු  කළේය.

රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීය. ඒ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විදේශගතවීමෙන් පසුවය. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ස්ථීරවම පත්කරනු ලැබුවේ 2015 මාර්තු මාසයේ දී පමණ බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.

පොලිස් කොමිසන් සභාවේ ලේකම්වරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ද ඔහු ඒ බව තහවුරු කළේය.

70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන සම්බන්ධතා කොට්ඨාසය ආරම්භ කළ අතර ඉන්පසු 90 දශකයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ඇතිකරනු ලැබීය.

2015 අවුරුද්දේදී පොලිස් මාධ්‍ය ඒකකය පොලිස් මාධ්‍ය කොට්ඨාසයක් ලෙස ගැසට් කිරීමට එවකට පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා කටයුතු කළේය.



අදහස් (12)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය අහෝසි කෙරේ

JP Thursday, 28 November 2019 02:59 PM

දැං ඉතින් කාගෙන්ද අපි තොරතුරු දැනගන්නේ? රටේ ඇත්ත විස්තර මහජනතාව දැනගන්නවට ඒක වළකාලීමට කරපු වැඩක් වගේ...

:       536       1153

C.K.Lankaputhra Thursday, 28 November 2019 03:54 PM

ටික ටික මහජනයා ජහමනයා කරනවා.

:       62       529

විජිත් Thursday, 28 November 2019 04:26 PM

මිට පස්සේ අායෙත් පරණ සෙල්ලමම තමයි. තවමත් ආරක්ෂක ඇමති කෙනෙක් නැහැ. ඒ වුණාට ජනාධිපති ව්‍යවස්ථා විරෝධී ලෙස ආරක්ෂක ඇමතිකම අරන්. කාට හරි යමක් දැනගන්න ඕනෑනම් කෙලින්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් තමයි දැනගන්න වෙන්නේ. මෙය සිදුකලේ සුදු වෑන් පෙරේදා ආරම්භ කිරීම නිමිත්තෙනි.

:       1       54

ධම්ම Thursday, 28 November 2019 05:27 PM

ටිකක් කලබල නොවී ඉන්නකෝ..

:       0       0

lankasri Thursday, 28 November 2019 10:57 PM

ටික ටික ප්ලෑන් එලියට එනවා.

:       0       0

Rohana Friday, 29 November 2019 12:40 AM

ජනමාධ්‍යට එතරම් කැමති නෑ වගෙයි. බලමු. බලමු.

:       0       0

යාපා Friday, 29 November 2019 01:45 AM

ඉතා වටිනා වැඩකි. පැවැති සෑම රජයකටම එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ මාධ්‍ය ප්‍රකාශකවරයා රජයට පක්ෂපාතීව තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. ඒ අය අවසානය දැන්... ඊටත් වඩා ප්‍රායෝගික ඒකාබද්ධ ක්‍රමවේදයක් ඇතිකිරීම ගැන ස්තුතිවන්ත වෙමු..

:       0       0

Bamunuarachchi Friday, 29 November 2019 01:45 AM

එ්ක හරි..! ඔය ඊනියා කොමිසන් කියලා කළ තරමක් පළිගැනීම්..., ඊයේ අපේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාත් කිව්වා මේ අය බොරු නඩු දාලා ඔප්පු කරගන්න බැරිව දැන් මීයන් වගේ රටෙන් පැනලත් යනවා කියලා, ඔය කොමිසන් අහෝසි කරන්න ඕනෑ. ඕව තියෙනකොට අතපය බැඳලා වගේ, එහෙම වැඩ කරන්න පුලුවන්ද?

:       0       0

jayampathi Friday, 29 November 2019 03:52 AM

ජනපති පැමිණීමෙන් පසු නව ආරක්ෂක මාධ්‍ය ප‍්‍රකාශකවරයෙක් පත්කරනවා‘‘ එතකොට මාද්‍යයට හරස් ප්‍රසන අහන්න බැරිවේවි කියන දෙයක් අහගෙන ඉන්න ඕන මිලිටරි පාලනයක පෙරනිමිති වත්ද?

:       52       191

chandrasiri Friday, 29 November 2019 05:40 AM

එකම හේතුව - එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

:       0       0

සෙනෙවිර Friday, 29 November 2019 01:23 PM

හිටපු මහතා බොහෝ දුරට ස්වාධීනව සේවය කල බව ප්‍රකාශ කල හැක.

:       0       0

lion Sunday, 01 December 2019 04:55 PM

මොකක්ද මේකට හේතුව?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 777 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 911 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site