(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇතැයි ද වාර්තා වේ.
ඒ හේතුවෙන් යෝජනාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් දැමුණු බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිම සඳහා එම යෝජනාවෙන් ඉල්ලීමක් කර තිබිණි.
අදාළ යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය ඉදිරිපත් කරමින් ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ හැර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිමට අවසර දෙන බව වාර්තා වේ.
උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය සඳහා මීට පෙර බලපත්‍ර ලබාදී තිබිණි.
එහෙත් අනෙකුත් පළාත් සභා මැති ඇමැතිවරුන්ට වාහන ආනයනය සඳහා පසුගිය වසර පහ තුළම අවසර නොලැබිණි.
ඒ අනුව උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 37 දෙනාට වාහන ආනයන බලපත්‍ර මීට පෙර නිකුත් කර තිබූ අතර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන් 418 දෙනෙකුට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරිම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මේක දේශපාලකයින්ට ගිය රටනේ. සූප්පු කරගෙනම යන්න දෙන්න. ඉදිරියට පරම්පරා 20 කට ගොඩ එන්න නම් තියන්න එපා.
තීරු බදු සහන යටතේ (බදු රහිත) එක් වාහනයට මිල ලක්ෂ 62... මේ අනුව බූරුවන් 418 දෙනෙකුට වාහන ආනයනය සදහා වැයවන මුළු මුදල රු. 2591,600,000/=
මේ ඡන්ද කාලේ නිසයි ඔය සත්තමක් දැම්මේ... ආයේ ජනතාවගෙන් අහඅහ ඉන්න දෙයක් නැහැ. ලොක්කන්ට කතාකරලා කැමති පැත්තකින් නාමයෝජනා ඉල්ලගන්නකෝ ජනතා නියෝජිතයෙක් වෙන්න. මේ වතාවේ යන්න කලින් තීරු බදු රහිත වාහන ගන්න බැරි වුනොත් ලබන වතාවේ අාපු ගමන්ම ගන්න පුලුවන්නේ?
නොදකින් "මේකා" රෙද්දක් ඇඳගෙනද මෙහෙම යෝජනාවක් ගෙනාවේ ඇ.. බොල.. යන මලපෙරේතයන් 225 ම "අලවංගුවත්" බිඳගෙනම යන්න නේද හදන්නේ...? මේ කාලකන්නින් යන්තම් හරි හිතුවද අනේ අපි මේ හූරාකන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල් නේද කියලා.. නුඹලාගේ "පවුල් වලටත් හෙන වදිනවා..." මේ කරන අපරාධවලට. අඩු වශයෙන් දියවන්නා ඔයේ ඉන්න හැලි වඳුරන් 225 න් එක හැලි වඳුරෙකුට හෝ මෙය කියවීමට හැකි වේවා..!!!
මේ වගේ විනාශකාරී ඩීල් දාන ඇමැතිවරු ධුරයෙන් නෙරපන්න ඕනෑ. හිටපු අයට මොකටද වාහන..? අනික ඉස්සරහට කොහොමත් පළාත් සභා ආයෙත් එන්නෙත් නෑ.. රට අස්ථාවර කරන්නේ මේ වගේ මෝඩ ඇමතිවරු..
මේ කාලකණිණි දේශපාලුවන්ට ඇතිවීමක් නැහැ. එදා වේල කන්න නැති කොපමණ ඉන්නවද? ගෝඨාභය එන්නම ඕනේ. සුදුවෑන් එකකුත් තිබ්බා නම් මරු..
රෙදි ඇඳගෙනද මේවා කියන්නේ?
ඩියුටි ෆ්‍රී දෙන්නේ ඩියුටියක් නොකර හිටි නිසාද?
රට කාලා කාලා තවත් මදිද?
දැන් පළාත් සභාව සේරම වගේ විසුරුවලානේ. ආයිත් මොනවටද මේ මුදල් නාස්තිය? දැන් මේ වාහන බලපත්‍ර මහජන සේවය සඳහාද?
නින්දාසහගතයි හලෝ. සේවයක් කරනවා නම් මේ රටේ මිනිසුන්ට කරන්න. තම තමන් බෙදා ගෙන කන්න හදන්නේ නැතුව.
මම රජයේ කළමණාකරන සේවයේ සිට විශ්‍රාම ගත් අයෙක්.කළමණාකරන සේවයට පෙර ලිපිකරු සේවය ලෙසට තිබූ අතර 2004 සිට කළමණාකරන සේවය ලෙසට වෙනස්කලා.1995 සිට ලිපිකරු සේවයේ පළමු පංතියේ සේවය කල මම 2005 දී 2002 සිට ක්‍රියාත්මක වන ලෙසට අධි ශ්‍රේනියට උසස්වීමක් ලැබුවා.කළමණාකරන සේවය ඇතිකල අවස්ථාවේ අධිශ්‍රේණියේ වැටුප් වැඩිකලේ නැහැ.ඒ අනුව අඩුවැටුපක් සහිතව තමා උසස්වීම ගන්නවුනේ.නමුත් ටික දෙනෙකුට පුද්ගලික වනසේ වැටුප් වැඩිකලත් සියළු දෙනාට සාධාරණයක් වේයැයි සිතූ මා ඇතුළු ටික දෙනෙකුට බලවත් අසාධාරණයක් වුනා මෙගැන කුරුණැගල පැත්තේ සංගමයක සභාපතිවරයෙකු සාධාරණයක් සඳහා කියමින් විවිධ අවස්ථාවල රුපියල් දහදාහක පමණ මුදලක් එකතුකර ගත්තා.අවසානයේ ආයතන අධ්‍යක්ෂ අධිකරණ නියෝගවත් පිලිගන්නේ නැහැ නැවත අධිකරණයට යාමට කියා මුදල් ගත්තා.මෙතෙක් කිසිවක් වුනේ නැහැ.මෙවැනි සිද්ධි තිබියදී ඒවා නොවිසඳා රටට කිසි වැඩක් නොකරන හිතවතුනට මෙසේ සැලකීමට උත්සාහ කිරීම තරයේ හෙලාදකිමු.කුරුණැගල වෘත්තීය සමිතියේ ඉල්ලීම ගැන රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගේ අවධානය යොමුවේවා!!!
රට ණය බරින් ඔත්පල වෙලා. ජනතාව පීඩාවට පත්වෙලා, මේවා නොතේරෙන මේ ඇමතිවරු අපේ රටේ නොවෙයිද ඉන්නේ? එක්කෝ මේගොල්ලන් වියපත්වුවන් නිසා මොලේ කොලොප්පම් වෙලා. නැත්නම් මානසික ලෙඩ්ඩු වෙලා.
මේ යෝජනාව ඉදිරිපත් කලඑකා හිටුවා පස් ගසා සියලු දේපලද රාජ සන්තක කල යුතුයි.
නමේම තියෙනවා - වර්චස් කියලා, ඉතින් රට කන එක වැරදියිද?
මේ රට නිදහසෙන් පස්සේ විනාශ කරපු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි. මේ රටේ දේශපාලකයින්. ඒ නිසාම තමයි එයාලට දේශපාලුවන් කියන්නේ... අනිත් කණ්ඩායම තමයි මේ රටේ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරණ සහ දරපු රාජ්‍ය නිලධාරීන්. මේ දෙගොල්ලන් හැම වේලාවෙම බැලුවේ ගමන්ගේ මඩිය තරකර ගැනීම සහ ඉහළින් වැජඹීම... මේ වෙනුවෙන් දේශපාලකයන් ජනතාව හැමදාම අන්දවනවා. ඊට පස්සේ අමාත්‍යාංශ ලේකම්ලා හරහා තමන්ගේ මඩිය තරකර ගන්නවා. පස්සේ ඒ ඉහළ රාජ්‍ය නිලධාරීන් සතටු කරන්න එයාලට එක එක වර්ගයේ වරදාන සහ වරප්‍රසාද දෙනවා. මේක තමා ඉතිහාසයේ සිද්ධ වුනේ. ඒකයි අපේ රට හැමදාම එකම තැන පල්වුනේ. මේක වෙනස් කරන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ. ඡන්ද ටිකගන්න ජනතාවට හැමදාම බොරු කියනවා. බලයට පත්වුනාම සියල්ල යට යනවා. වජිර අබේවර්ධන කියන්නේ ජනතාවට වැඩක් කරපු සහ කරන කෙනෙක් නෙවෙයි. ඔවුන් හැමදාම ඔවුන්ගේ පන්තිය වෙනුවෙන් පෙනි සිටින අය...
රවීන්ද්‍ර මහතාගේ කමෙන්ට් එක නම් නියම භාෂාවෙන් ලියලා තියෙනවා. මමත් 100%ක් එකඟයි. මොවුන් යන යකා කොරහත් බිඳගෙනම යන බව තමයි මේ නැවත නැවතත් පෙන්නුම් කරන්නේ... දෙයියන්ගේ නාමෙන් කොරහත් බිඳගෙන යන්න එපා යකුනේ... තව පිරිසක් කෙළ හලාගෙන දත මැදමැද ඉන්නවා කොරහ බිඳින්න එන්න. ඔවුන්ටත් යමක් ඉතුරු කරහල්ලා...
පාළාත් සභා මොකටද-එක ආණ්ඩුවක් එක නායකයෙක් කුඩා ඇමති මණ්ඩලයක්, හොදටම ඇති. නූගත් මිනිසුන්ට පරම්පරා ගානක හම්බකර ගැනීම තමයි මේවගෙන සිදුවෙන්නෙ.
දේශපාලුවන්ට තීරු බදු නොමැති වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්පුර්ණයෙන්ම නතර කලයුතුය. හැම කෙනාම බලයට එන්න දඟලන්නේ රටට සේවය කරන්නනම් ඇයි තීරුබදු නොමැති වාහන ? තීරුබදු වලින් කරනුයේ රටේ අවශ්‍යතාවයන්ට එම මුදල් වියදම් කිරීම නොවේද? රටට ආදරේ කෙනෙක්නම් රටේ උන්නතියට හැමවිටම දායක වීම කලයුතු නොවේද?
පුද්ගලික අංශයේ වැඩකරන සේවකයින්ගෙන් බදුපිට බදු ගගහ රාජ්‍ය අංශයේ වැඩ නොකර කල් මරණ අයට සැප වාහන... මරුනීති තමයි ලංකාවටම ගැලපෙන. ලෝකේ වෙන කිසිමරටක මේ වගේ දේවල් නැහැ.
පුදුම අසහනයක්නේ තියෙන්නේ වාහන පර්මිට් ගන්න.. මගේ කොමිස් එක බාරගෙනත් ඇති...
පසුගිය පළාත් සභා වල වැඩියම බලය තිබුනේ ශ්‍රී ලංකාවලටත් පොහොට්ටුවටත්. වජිරට වෙන්න බැහැ මෙයට උනන්දුව තියෙන්නේ.
මේ විනාශ වෙච්ච රට තවත් විනාශ කරන්නද හදන්නේ? 225 තොලොංචි වෙලා පලයල්ලා... මක බෑ වෙයල්ලා...
මෙයාට රජකාලේ දඬුවම තමයි ලැබෙන්නේ...
දැන් පළාත් සභාවල් විසුරු වෙලානේ. දැන් මොනවට තීරුබදු සහන වාහන. ජනතාවට වැඩ කරන්නද?
225 දෙනාටම හෙණම තමයි
මේ යෝජනාව ගෙනා මෝඩ කොටියට අැල්පිටියේ ඡන්දේදි අපේ කැමැත්ත මගින් පාඩමක් උගන්වන්නම්..
ඔය වාහන දෙන්නේ ජනතාවට සේවය කරන්න ඔය කියන පුද්ගලයන් දැන් බලයේ නැත්නම් ඔවුන්ට කුමටද වාහන ? එහෙන තීරුබදු රහිත වාහන බලපත් හිමි රජයේ උසස් නිලධාරියොත් විශ්‍රාම ගියහම ඔවුන්ටත් වාහන බලපත් දෙනවද ?