( තිළිණි ද සිල්වා)
වදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත කණ්ඩායමක් හෙට (2) මෙරටට පැමිණීමට නියමිතය.
සිව් දෙනෙකුගෙන් යුත් දුත් පිරිසක් මෙම සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප‍්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත් බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව මෙම නියෝජිත කණ්ඩායම 12 වැනි දා දක්වා ඔවුන් මෙරට සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව දිවයිනට පැමිණෙන ඔවුන් මෙරට රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
මීට අමතරව ස්වාධීන ජාතික නිවාරණ යාන්ත‍්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
ශ‍්‍රී ලංකා සංචාරයෙන් පසුව මෙම අනුකමිටුව ආර්ජන්ටිනාව සහ පලස්තීනය යන රටවලද සංචාරය කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉකුත් පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති රහස් සැසිවාරයකදී වද හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට තීරණය කරනු ලැබූ අතර ඒ අනුව මෙම කණ්ඩායම දිවයිනට පැමිණේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට ලංකාවට
නිරෝ ශාන් රත්න ප්‍රේම Monday, 01 April 2019 12:10 PM
අපේ මධුෂ් අයියා ලංකාවට එව්වොත් අල්ලලා වදහිංසා කරයි කියලද දන්නේ නැහැ හදිස්සියේ දුවගෙන එන්නේ...
Rupawathie Monday, 01 April 2019 01:01 PM
මහා බ්‍රහ්මයින්ටවත් පෙනී විල්පත්තුව විනාශ කරන එක දකිත්වා..
Rupawathie Monday, 01 April 2019 01:04 PM
මහා බ්‍රහ්මයටවත් පෙනී... අපේ විල්පත්තුවේ වන විනාශය දකිත්වා...!!!
nali Monday, 01 April 2019 07:01 PM
හානේ ! හරිම අවිහිංසා වාදී රටවල් හතරකින් තෝරාගෙන තියෙන්නී .