IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


’’තෙල් ප්‍රශ්නය ඉල්ලාගෙන කෑමක්’’

(සුජිත් හේවාජුලිගේ)

තෙල්  අර්බුදය තනිකරම ඉල්ලගෙන කෑමක් බව අපේ ජන බල පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ජාතික සභාවක් කඩිනම්න් පත්කර රටේ ප්‍රශ්න සඳහා පුළුල් එකඟතාවක් ඇතිකර ගැනීමට  පාලකයන්  මැදිහත්විය යුතු බව සඳහන් කළ උන්වහන්සේ   එසේ  කටයුතු නොකළහොත්  ජනතාව සමග  මැරෙන්න හෝ  පාරට බැසීමට සිදුවන බවද  සඳහන් කළහ.

රතන හිමියන් මෙසේ පැවසුවේ රාජගිරිය සඳහම් සෙවණ ආයතනයේදී අද (1) උදේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

තෙල් ප්‍රශ්නය ඉදිරි සතියේදී  විසඳෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවද මෙතෙක්  කිසිදු  ප්‍රකාශයක් කර නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.

ආණ්ඩුව මේ අර්බුදය කල් තියා  දැනගෙන මාස තුනකට වැඩි යැයි පැවසූ රතන හිමියෝ එසේ දැනගෙන සිටියදී  මාස තුනකට සැලසුම  නොහැදුවේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ප්‍රකාශ කළහ.

තෙල් පරිහරණය සම්බන්ධයෙන් පාලකයන්ට නිලධාරීන්ට කිසිම අදහසක් නැති බවත් මේ දුකට ජාතියක් හැටියට ජනතාව  මුහුණ දිය යුතු නැති බවත්  උන්වහන්සේ පැවසූහ.

මේ අර්බුදය පාලකයන්  නිර්මාණය කළ එකක් බව පැවසූ රතන හිමියෝ  අර්බුදය  නිර්මාණය කළ  මේ පිරිසට  ජනාධිපතිකම් සහ  ඇමැතිකම් කිරීමට කිසිදු අයිතියක් නැති බවද ප්‍රකාශ කළහ.

නොහැකියාව පිළිගෙන  මේ අය ගෙදර  යා යුතු බවද උන්වහන්සේ පැවසූහ.

මිනිස්සුන්ට මේ පීඩාව තවදුරටත් දරාගත නොහැකි බව පැවසූ රතන හිමියෝ පාලකයන් රටට වැදගත් විදුලි  ජනන සැලැස්ම අද වෙනතුරු සකස් කර  නැතැයිද චෝදනා කළහ.

මානුෂීය පදනමින්  ඕනෑම රටකින් තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සමහරුන්ට තමන්ගේ දරුවන් සමග ඇමරිකාවේ  ගිහින් ජීවත් ජීවත්වීමට නොහැකි වනු ඇතැයි  බයට තමන්ගේ පුද්ගලික අභිමතයට මුළු රටක්  අර්බුදයට හෙළා   ඇති බවත් ප්‍රකාශ කළහ.

මේ රටේ තේ වෙනුවෙන් ඉන්ධන ලබා දීමට ඉරානය කැමැත්ත පළ කළ බවත් තමා  ඒ සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාට පැවසුවත් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු බවත් උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට තිබූ අවස්ථාවද  රජය  අතහැර දැමූ බව රතන හිමියෝ පෙන්වා දුන්හ.

පුද්ගලයෙක් දෙන්නෙක් කුටු කුටු ගා මේ රට නටවන බවත් මේ පිස්සුව අවසන් විය යුතු බවත්  උන්වහන්සේ පැවසූහ.

මෙය  මුළු මහත් ජාතියේ  කරුමයක් නොවන බවත් කරුමක්කාරයන්  පිරිසක් විසින් කරුමය ජනතාවගේ හිස මත පටවනු ලැබූ  බවත්  රතන හිමියෝ  සඳහන් කළහ.

මේ පාපෙන් ගැලවිය හැක්කේ   කරුමක්කාරයන් පිරිස එළවා දැමූ හොත් පමණක් බවද  උන්වහන්සේ පැවසූහ.

පාරට හිර ගෙවල්වලට   ඇද දැමුවත්  සටන අත් නොහරින බවද  එවැනි ප්‍රථිඵල භුක්ති විඳීමට බිය පිරිසක් නොවන බවද  අතුරලියේ රතන හිමියෝ කීහ.



අදහස් (2)

’’තෙල් ප්‍රශ්නය ඉල්ලාගෙන කෑමක්’’

sachith Saturday, 02 July 2022 11:43 AM

එතකොට පෝර ප්‍රශ්නේ...?

:       17       29

Thu nodakin Sunday, 03 July 2022 08:42 AM

පාරට බැස්සොත් නම් මැරෙන්න තමයි වෙන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 818 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 938 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site