(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ජනාධිපති නීතීඥවරයා මෙම දැනුම්දීම කරනු ලැබුවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවන මහතා කියා සිටියේ අධිකරණ සංවිධාන පනතේ විධි විධාන අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ අධිකරණ බලය පිළිබඳව මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ එවැනි විරෝධතාවන් ඉදිරිපත් කරන්නේ නම් මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බවය.
ඒ අනුව පෙත්සම ජූලි 18 වැනිදා සලකා බැලීමට දින නියම විණි.
COMMENTS
නඩුව අහන්න පටන් ගන්න එක තව මාස කීයක් ඇදගන්නද බලාපොරොත්තුව?
නාගානන්දගේ ව්‍යවස්ථාව ගෙනෙන්නම ඕන ...
කොහොම හරි කල් දාගන්න. දැනටමත් සැහෙන්න කල් ගත්තනේ. බඩගින්නට උයාගෙන කන්න අඹ කඩපු මිනිස්සුන්ට නම් මෙලහකටත් දඩුවම් හම්බවෙලා.
අතුල මහත්මයා, මිලියන 21ක ජනතාව, කෘර ත්‍රස්තවාදයෙන් බේරාගත් මිනිහාවද ඔබතුමා අඹ කඩාපු මිනිහෙක්ට සමාන කරන්නේ...?
කවදාවත් නෑ නඩු. හැමදාමත් අපට ඉෂ්ඨ වෙන්න අසාධාරනය, සාධාරනය ඉෂ්ඨ වෙන්නෙ නෑ. අපේ පවු වලටයි මේ රටේ ඉපදිලා තියෙන්නෙ.
මේ නඩුව ජනතා මුදල් හොරකම් කිරීම සම්බන්දව . තර්ක කරන්නේ හොරකම් කරද නැද්ද කියල නෙමෙයි . හොරකම් කරද නැද්ද කියන එක තීන්දු කරන ක්‍රමය ගැන දුන්න තීන්දුව හරිද වැරදිද කියල . ඔකේ නඩු තීන්දුව දෙන්නේ ලංකාව චීනයේ යටත් විජිතයක් වුනටත් පස්සේ .