( තිළිණි ද සිල්වා )
පැය එක හමාරක පමණ කාලයක් සාක්කි ලබා දීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් පිටව ගියේය.
කෙසේ වුවද අගමැතිවරයා යළි පස්වරු 1.30ට කොමිසම ඉදිරියේ පෙනී සිටීමට නියමිතය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි මාසික කුලියකට ඩී.පී.ජේ ගොඩනැගිල්ලට රැගෙන යාමට එරෙහි පැමිණිලි විභාගය ද මෙම වේලාවට කල් තැබිණි.
දැනට ලබා දුන් සාක්කි විමසීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් තෝරා ගැනීමට ඩී.පී.ජේ ගොඩනැගිල්ල සහ තවත් ගොඩනැගිලි දෙකක් පිළිබඳව සොයා බලන්නැයි එවකට විෂය බාර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවසූ බවය.
කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පැවති ගොවිජන මන්දිරය වෙත පාර්ලිමේන්තු කාරක සභා ස්ථාපිත කිරීමට අවුරුදු 4 ක කාලයක් ගතවු බවත්, ඒ අනුව ඉකුත් මැයි 23 වැනිදා එහි පාර්ලිමේන්තු කාරක සභා පිහිටවූ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
කොමිසමේ සභාපති විශ්‍රාමලත් විනිසුරු අගමැතිවරයා ගෙන් වර්ග අඩි 55000 ක් තැළ අමාත්‍යාංශ 4 පිහිටුවිය හැකි බවත්, ඒ අනුව වර්ග අඩි 27,000 ක වපසරිසකින් යුතු කෘෂිකර්ම අමාත්‍යාංශය සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටුවාලිය හැකි නේද යැයි අගමැතිවරයා ගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලෙසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එවකට විෂය බාර අමාත්‍ය දුමින්ද දිසානයක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා අනුබද්ධ සියලු ආයතන එකම ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමේ උවමනාවක් පැවති බවයි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දෙමාපියන්ට මහජනතාව වන අපේ සල්ලිවලින් සොහොන් හදපු මහත්තයා මෙහෙම බය නැතුව නඩු වලට පෙනී හිටිනවා නම් බය නැති බව පිළිගන්නවත් පුළුවන්, කොන්ද තියෙනවා කියන එක උඩු රැවුලෙන් වත්, හමුදාවේ තුවක්කු මානාගෙන හිටියා කියලවත් මනින්න බැහැ. වැරදි හෝ හරි බව තීන්දු කරන්න අඩුගානේ පෙනී හිටින එකත් ප්‍රජාතන්ත්‍රවාදය පවතින බවට හොඳ සාක්ෂියක්..
දුප්පත් මිනිස්සුන්ගේ මුදල් අවභාවිතය කරන අයට හෙන හතම වදින්න ඕනෑ.
බොරු වැඩ....
කොහොමද, බයනැති අගමැති..!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක, විනයගරුක දේශපාලකයෙකි. පසුගිය රජයේ කිසිවකු මේ සේ ක්‍රියාකර තිබේද? ඔවුන් කර ඇත්තේ අධිකරණයේ ප්‍රබලයන් ගෙදර යැවීම නොවේද? තීන්දු දුන්නේ මන්දිරවල සිට නොවේද? අද නීතිය සැමට පොදු බව හොඳින්ම පෙනෙන්නට තිබේ. රටේ අගමැතිවරයා පවා කොමිසම්වලට පැමිණෙන අවස්ථා ලෝකයේ දියුණු රටවල මෙන් ලංකාවේත් වර්තමානයේ සිදුවේ.