IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙවෙනි පර්යන්තයේ ඉදිකිරීමට ඉන්ධන ඇමතිගෙන්

 

 

(සුජිත් හේවාජුලිගේ )

කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම්  කටයුතු කරන  ජපන් සමාගමට ඉන්ධන සැපයිමට මෙරට  ඉන්ධන   තොග ගබඩාකරුවන් (Oil bunkering) එකඟතාව  පළ කර ඇත.

ගබඩාකරුවන්  ඉන්ධන සැපයීමට මෙසේ   එකඟවී ඇත්තේ  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ  සම්බන්ධයෙන් කළ විශේෂ ඉල්ලීමක් අනුවය.

කටුනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය ඉදි කිරීමේ නිරත ජපානයේ ටායිසෙයි කෝපරේෂන්  සමාගම  ඉන්ධන  ලබා ගැනීමේ අර්බුදයට මුහුණදී සිටින හෙයින් එම ඉදිකිරීම් කටයුතු කාලයක් තිස්සේ  මන්දගාමීව  පැවතිණ.

තමන්ට දෛනිකව ඉන්ධන  ලීටර් 13,000 අවශ්‍ය බව ටායිසෙයි සමාගමේ ජ්‍යෙෂ්ඨ   පරිපාලන කළමනාකරු සුමියෝ තකහාෂි ( Sumio Takahashi) මහතා  ඇමැතිවරයාට පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ  කොරෝනා වසංගතය හා වර්තමාන ඉන්ධන අර්බුදය හේතුවෙන් එම පර්යන්තයේ  ඉදිකිරීම් කටයුතු බරපතළ ලෙස ප්‍රමාදවීම පිළිබඳව   ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා  සමග පසුගියදා සාකච්ඡා කළ බවයි.

ඉන්ධන සැපයීමට පොරොන්දුවූ මෙරට ඉන්ධන තොග ගබඩාකරුවන්ට ස්තූතිය හා  ප්‍රණාමය පුද කරන බවද අමාත්‍යවරයා පැවසීය. 

ඒ අනුව  දෙවැනි පර්යන්තයේ   ඉදිකිරීම් කඩිනමින්  නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජපාන සමාගමේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය.

මෙම සාකච්ඡාවට  අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර ,ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ජපානයේ ටායිසෙයි කෝපරේෂන් සමාගමේ  නියෝජිතයන් ද අයි.ඕ.සී.සමාගම ඇතුළු මෙරට ඉන්ධන තොග ගබඩා සමාගම් නියෝජිතයන්  ඇතුළු පිරිසක්ද   සහභාගිවූහ.



අදහස් (1)

දෙවෙනි පර්යන්තයේ ඉදිකිරීමට ඉන්ධන ඇමතිගෙන්

දාස Friday, 01 July 2022 02:26 PM

මුත් පගා රජෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site