( තිළිණි ද සිල්වා )

මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ලබන  30 වැනිදායින් කල් ඉකුත්වීමට නියමිතව තිබූ එම ණය සහන කාලසීමාව ලබන වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වන බවද  මහබැංකුව කියා සිටී.

කොරෝනා ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් මුහුණදෙන අභියෝග සැලකිල්ලට ගෙන මෙලෙස ණය පමා සහන කාලය යළි දීර්ඝ කළ බව මහබැංකුව ප්‍රකාශ කරයි.

මෙම ණය සහන කාල සීමාව දීර්ඝ කරන්නැයි ඉල්ලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මීට අදාළ චක්‍රලේඛ මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත පසුගිය සතියේ යවා  ඇත.